(යොහාන් භාසුර)
වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කර එම දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා කීය.
වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබූ බවත් අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු ඇති බවත් එම නිලධාරියා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු එවුන්ගේ පුරුද්දට පොඩි අයත් හොරා කන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..
මේ රටේ මහබැංකු හොරු, සීනි හොරු ඔක්කොම හොරු... රට දුප්පත් වෙන එක අහන්නත් දෙයක්ද?
රටේ දේවල් හොරා කන එවුන් සීනි වගේම දියවෙලා යන්න ඕන.
කිලෝ එකකට එක අවුරුද්ද ගානේ හිර දඬුවම් දෙන්න ඕනේ
කොහොමද නෝනාගේ ගම
ඇයගේ උපක්‍රම හොඳින් අනුගමනය කරලා වගේ පේන්නේ...
හොරුන් අල්ලන්නේ නැති රටක් බව දැන් කවුරුත් දන්නවනේ... හොරකමට බය නෑ.. දැන් රට විනාශයට නේද මේ යන්නේ?
කොහොමද දන්නේ නෑ ඔච්චර කෑවේ ?
මහ එවුන් කෝටි ගණන් කුට්ටි මාටියා ගහනකොට පහල එවුන්ව යහමගට ගන්නේ කොහොමද ?
යොහාන්, ඔයා දන්නේ නැද්ද, ලොරියකට මෙට්‍රික් ටොන් 37ක් පටවන්න බෑ කියලා... බොරුවක් කියද්දී වුණත් ප්‍රායෝගික වෙන්න..මිනිස්සු නොමග යවන්න එපා...