
(දයාරත්න ඇඹෝගඹ)
අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා වනසතුන්ගේ මස් තොගයක් සමග අද (18)දින වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ,විහාරබුලන්කුලම පදිංචි 49 හැවිරිදි කපුවෙකි.
කැබැල්ලාමස්,ඉබිමස්,මීමිනි මස් කිලෝ හයකට ආසන්න ප්‍රමාණයක්ද ඉබි බිත්තර 14ක්.ගල් ඉබ්බන් 06 දෙනෙකු හා ඇත් දළයෙන් කළ පළදනාවක් මෙම කපුවාගේ නිවසේ තිබියදි වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමන්ට කිසිවෙකු විසින් හුනීයමක් සිදුකර ඇති බැවින් එම හුනීයම ඉවත් කිරිම සදහා පුජාවක් කිරිමට තමන්ට හිතවත් අයෙකු විසින් මෙම මස් හා කිරි ඉබ්බන් ලබාදුන් බව කපුවා විසින් ප්‍රකාශ කළ බව වනජීවි නිලධාරිහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුව කපෝතියි. ප්‍රධාන කපුවා නොවෙයි! ප්‍රධාන බෞද්ධයා තමන්ට වඩා බාල පොලිස් නිලධාරියාටත් වැන්දා! ලැජ්ජාවේ බෑ!!!
මේ වාර්ථාව ස්ථානය නොකිවට ෆේස්බුක් බැලුවම කොහේද කියවෙනවා ආනන්ද හිමියන්ට හූනියමක් කලාම බුදුහාමුදුරුවෝ බේරගත්තෙ සත්ව මාංශ පුදල නොවෙයිනේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි කාලයේ අශ්වමේධ ආදී පාපකර්ම කිරීම වැලක්කුවේ බුදුහාමුදුරුවෝ ඔය කාළකණ්නි කරල තියෙන්නෙ බුදුහාමුදුරුවෝ අවමානයට ලක්කිරීම .සාමාන්‍යයෙන් කපුවො ඉන්නෙ දේවලවල මිසක් ඔය තැන්වල නොවෙයිනේ ඔතනින් කපුවො වහාම ඉවත්කර ආරක්ෂකයො හිටියම ඇතිනේ ඔය කපුවො මළකුණු කකා උඩමලුවටත් යනවා ඇතිනේ
කපුවෙක්ද මස් වැද්දෙක්ද?
ඕක්කොම කපුවෝ ඔහොම තමයි, නීතිය තදින්ම ක්‍රයාත්මක කරන්න.
මම නම් මෙම සිදුවීම දකින්නේ වෙනස් ආකාරයකට. කපුවෙක් යනු සියල්ල දමනය කළ පුද්ගලයකු නොවේ. ඔවුන් ද කෑමට බීමට පිය කරන්නෝ වෙති