(අංජුල මහික වීරරත්න)
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි .
මෙම උත්සව මාලාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සපයන ලෙස සිතුල්පව්ව රජ මහා විහාරයේ සහ තිස්සමහාරාම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළහ.
විශේෂයෙන්ම කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සිතුල්පව්ව විහාරාධිකාරී ලෙල්වල සමිත හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ.
ඒ අනුව, සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වීමට නියමිත පොසොන් පින්කම් මාලාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
තිස්සමහාරාම විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරු සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත