(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑ සීත කාලගුණය නිසා අද (12) පස්වරු 12 වන විට මියගිය ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.
මෙම සත්ව මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
එමෙන්ම සත්ව පාලනයේ නිරතව සිටින ගොවීන්ට මෙවැනි කාලගුණික තත්ත්වයන් වලදී පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විදිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ඉස්මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
මෙවැනි කාලගුණික විපර්යාස ඉදිරි කාලයේ ඇති විය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා උචිත වැඩ පිළිවෙළක් වහා සැකසිය යුතුව ඇති බවද අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීතල තවත් එළුවන්, ගවයන් එළොව ගෙනයයි
Ruhunu Monday, 12 December 2022 03:31 PM
නත්තල්වලට රටේ කාටත් අඩුමුදලට මස්ගන්න පුළුවන් වෙයි...
තාරක Monday, 12 December 2022 03:33 PM
අලුත් විදියට රාමුවෙන් එළියට හිතන්න පුලුවන් නම් මේවා පාලනය කරගන්න තිබ්බා. නරකද රජය මැදිහත් වෙලා වෙන රටවල් වල කරන ආකාරයට උපක්‍රම භාවිතා කරලා මේ සත්තු බේරාගන්න...?
පිටරැටියා Monday, 12 December 2022 06:39 PM
ලංකාවේ දේශපාලුවන්ට කොහෙන්ද ඒ වගේ දැනුමක් තියෙන්නේ? තිබුණා නම් රට ඔය විදියට බන්කොළොත් වෙයිද?