(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑ සීත කාලගුණය නිසා අද (12) පස්වරු 12 වන විට මියගිය ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.
මෙම සත්ව මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
එමෙන්ම සත්ව පාලනයේ නිරතව සිටින ගොවීන්ට මෙවැනි කාලගුණික තත්ත්වයන් වලදී පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විදිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ඉස්මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
මෙවැනි කාලගුණික විපර්යාස ඉදිරි කාලයේ ඇති විය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා උචිත වැඩ පිළිවෙළක් වහා සැකසිය යුතුව ඇති බවද අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නත්තල්වලට රටේ කාටත් අඩුමුදලට මස්ගන්න පුළුවන් වෙයි...
අලුත් විදියට රාමුවෙන් එළියට හිතන්න පුලුවන් නම් මේවා පාලනය කරගන්න තිබ්බා. නරකද රජය මැදිහත් වෙලා වෙන රටවල් වල කරන ආකාරයට උපක්‍රම භාවිතා කරලා මේ සත්තු බේරාගන්න...?