(අංජුල මහික වීරරත්න)

වන සතුන්ගෙන් වන වගා හානි වලක්වා ගතහොත් අලුතින් වගා නොකළත් එම අස්වැන්න ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙරට වනසතුන්ගෙන් වන වගා හානි ප්‍රමාණය සමස්ත අස්වැන්නෙන් සියයට 40ක් පමණ වේ. දැනට වසර ගණනාවක් තිස්සේ  වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටට අහිමිව ඇති අස්වැන්නෙහි වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇත.

අප රටේ සෑම ප්‍රදේශයකින්ම ගොවි ජනතාව  නිරන්තරයෙන් ඉල්ලා සිටින කාරණයක් වන්නේ තම වගාවන්වලට වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා දීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී සලසා දෙන ලෙසයි.

ොරිලවුන්, වල් ඌරන්, මොණරුන්, දඩු ලේනුන් විසින් වැඩිපුරම වගා හානි සිදු කරනු ලබන අතර එම හානි වලක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කළ සියලු උපාය මාර්ග අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.