
(එච් එම් ධර්මපාල)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට සත්වෝද්‍යානය තුළම උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනකු මහජනතාවට දැක බලා ගැනිමට අවස්ථාව උදාවී ඇත.
මෙම සතුන් පසුගිය මාර්තු මස 22 වන දින උපත ලබා තිබුණත් ඒ වනවිට රට වසාගන සිටි කොරෝනා වසංගතය නිසා මහජනතාවට දෑක බලා ගැනීමට අවස්ථාව අහිමිවී තිබිණි .
පිරිමි සතුන් තිදෙනකුද , ගැහැණු සතුන් දෙදෙනකුද සිටින අතර, එම කලු හංස ධේනුව නැවත වරක් තවත් කලු හංස පැටවුන් හතරක් බිහි කිරීම සදහා බිත්තර හතරක් රකිමින් සිටින බව ද සත්වෝද්‍යාන පාලකයෝ පවසති. මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ නිජබිම කරගත් සත්ව විශේෂයක්ද වන අතර, මේ වනවිට සත්වෝද්‍යානයේ සතුන් හත් දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ...