(අංජුල මහික වීරරත්න)
සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම අන්තර්කාලීන අයවැය සහන අය-වැයක් ලෙස ඉදිරිපත් කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එමගින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් වසර දෙකක සහන වැඩසටහනක් සඳහා යොමු කරන බව සඳහන් කළේය.
අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා ඇතිවූ අර්බුදය විසඳා රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට ගත යුතු විවිධ පියවර නිසා රටේ උද්ධමනය තවත් වැඩිවිය හැකි බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මිලියන 22ක් වන ලාංකික ජනගහනයෙන් වඩාත් අවදානම් කණ්ඩායම් වල මූලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට අරමුදල් සැපයීම රජයේ මූලික අරමුණ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය අරන් සහනාධාර දීම යන සුපුරුදු ක්‍රියාවලිය නිසා නැවත නැවත රට ණයඋගුලේම හිරවන බැවින්, ස්වයංපෝෂිත ආර්ථිකයක් දක්වා රට රැගෙන යාමට සියල්ලන් උත්සුක වේවා...!
දැනටමත් මෙයා තෙල්වලින් සහ පාන්පිටි වලින් සහන දීලයි තියෙන්නේ...
මට කවදාවත් රනිල් ගැන ලොකු පැහැදීමක් තිබුණේ නෑ. හැබැයි කවුරුත් මේ අභියෝගය බාර ගත්තු නැති වෙලාවෙ රනිල් ගහන මේ ගේම් එක ගැන මට පැහැදීමක් තියෙනවා. අඩුම ගානේ ප්‍රශ්නය හඳුනාගත්තු ප්‍රශ්නය අපිත් එක්ක කතා කරන ප්‍රශ්නයට උත්තරයක් හොයනවා කියන එක පේන්න තියෙන නිසා මේ අවුල අපිට ලෙහාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා..