(යොහාන් භාසුර)

එළඹෙන සති අන්තයේ (22 සහ 23) පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්  සඳහා සහ ලබන සඳුදා (24) පැය දෙකයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කිරීමටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (21) පස්වරුවේ පැවසීය.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත්  සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.