(තිලකරත්න දිසානායක)
ගම්පහ, විගොඩ සණස බැංකුවෙහි තැන්පත් කර ඇති රුපියල් කෝටි 75කට අධික මුදල් ආපසු ලබා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විගොඩ සණස තැන්පත්කරුවෝ අද (18) සවස ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වුහ.
විගොඩ සණස බැංකුවෙහි මුදල් තැන්පත් කොට ඇති නයිවල, වේයන්ගොඩ, විගඩ, උඩුගම්පොළ, බෙම්මුල්ල, දිවුලපිටිය, යක්කල, ගණේමුල්ල ඇතුළු ගිණුම් හිමියන් විශාල පිරිසක් මීට එක්ව සිටි අතර ඔවුන් අතුරින් ඇතැමුන් පවසා සිටියේ තමන් විදේශගතව සිට රැගෙන ආ මුදල් සහ රැකියා කර ලැබු විශ්‍රාම මුදල් පවා මෙහි තැන්පත් කර මාසිකව පොලිය ලබා ගනිමින් දරු පවුල් රැකගැනීම සිදු කළ බවයි.
මෙහිදී තැන්පත් කරුවන් සුරැකීමේ සංවිධානයන්හි සභාපති ලක්ෂණ අබේගුණවර්ධන මහතා පවසා සිටියේ 2400 ක් පමණ වන පිරිසක් මෙම සණස බැංකුවෙහි මුදල් තැන්පත් කර ඇති බවත් මෙම පිරිසට කඩිනම්න් සහනයක් සලසා දෙන ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ.. කීයක් හරි වැඩියෙන් දෙනවා කිව්වොත් ඕනෑම කුණු ගොඩක දානවා. මසුරුකම.. රාජ්‍ය බැංකු තියෙනවා. ඒවගේ දාන්න.
දැන් මොකද වෙලා තියෙන්නේ? වෙන කවුරු හරි දාපු සල්ලි ගොඩකට ඒ සල්ලි යට වෙලාද?
පව් අසරණ මහජනයා දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි .
රජය මේ අයගේ සියලුම තැන්පත් මුදල් ලබාදෙන්න බැදිලා නැහැ. ගොඩක් වෙලාවට උපරිමය ලක්ෂ තුනක් වගේ වෙනකන් විතරයි ලබා දෙන්නේ. එහෙම තමයි මේවායේ කොන්දේසි තියෙන්නේ. අනෙකුත් බැංකු වල උනත් එහෙම තමයි. ඕනිම බැංකුවක සල්ලි දාද්දි ඒ අනතුර තියෙනවා. බැංකුවට වෙන වත්කම් තියෙනවා නං ඒවා විකුනලා මුදල් දෙන්න පුළුවන්, එහෙම නැත්තන් බැංකුවට වෙන ආයෝජනයක් හම්බුනොත් මුදල් දෙන්න පුළුවන්. ඒවත් සැහෙන කල් යන වැඩ. දැන් අර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් කියන ආයතනයේ මුදල් දාපු අයටත් ඒකනේ වෙලා තියෙන්නේ. සෙලාන් එකට මේක වුනා. ආයේ ප්‍රමුඛ බැංකුවට මේක වුණා
හරිම වැදගත්...
අද රටේ බැංකුවක්වත් විශ්වාස කල නොහැකියි. මේ විදියට දැන් අපිට සිදුවන්නේ නිවෙස තුළ ආරක්‍ෂිත ස්ථානයක මුදල් තබා තිබීමටයි. මට සිතෙන්නේ පොලිය අඩුවූවත්, දැන් රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කිරීම නුවණට හුරු බවයි.
තැන්පත් කරුවන්ගෙන් සල්ලි ගන්න කොට මේ වගේ හොරු කවදාවත් කියන්නේ නැහැ. සල්ලි ගැන රජය වග කියන්නේ නැහැ. සෙලාන් එකටත් වුණා. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් කියන ආයතනයේ මුදල් දාපු අයටත් ඒකනේ වෙලා තියෙන්නේ. සෙලාන් එකට මේක වුණා. ආයේ ප්‍රමුඛ බැංකුවට මේක වුණා කියලා ඒවා කියලා හොරුන්ට පැනලා යන්න. ලේසියෙන් රිංගන්න බැහැ. මේ රටේ නීතියට අනුව බේරෙන්න ලැබෙන්නේ නැහැ. එ්කට තමයි තාරක නීතියක් තියෙන්නේ...
සමෘද්ධි බැංකු ගැනත් සොයල බැලුවොත් නරකද? එම බැංකුවේ තැන්පත් කරන්නේ අහිංසක වියපත් මිනිස්සුන්ගේ සමෘද්ධියෙන් කපාගන්න මුදල් . ඒ ටික ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් අවශ්‍ය කාලයක් මේක.
මේ වන විට රජය පිළිබඳවත් රාජ්‍ය ආයතන පිළිබදවත් වි්ශ්වාසය බිදවැටෙමින් පවතිනවා.
බැංකුවට සල්ලි නැත්නම් දෙන්නේ කොහොමද ?කරන්න දෙයක් නැහැ .
මෙය සණස සංවර්ධන බැංකුවද? වෙනත් බැංකුවක්ද? කියා පැහැදිලි නැත. සණස සංවර්ධන බැංකුවෙන් නම් මෙවැනි දෙයක් ඇති බව දැනගන්නට නැත.
සණස ගොඩ නැගුවේ කිරිවන්දෙණිය මහතාගේ උත්සාහය සහ ඔහුගේ මනා නිවැරදි දැක්ම මත පදනම් වූ බුද්ධියයි. මෙවැනි වංචනික නිලධාරීන් නිසා ජනතාවගේ මහන්සියෙන් මුදලින් ගොඩ නැගු ලාංකික සණස ව්‍යාපාරය විනාශ වීමට ඉඩ දිය නොහැකිය. මෙවැනි වංචාකාරින්ගෙන් සණස ව්‍යාපාරය ආරක්ෂා කරගනිමු. සණස සාමාජිකයිනි, ඔබගේ සටනට ජය.
මමත් මේ ආයතනයට සැපයුම්කරුවෙක් හැටියට වසර 2 ට පමණ පෙර නිතරම ගියා... මට හොඳටම තේරුම් ගියා මේ දේ වෙනවා කියල කවදා හරි... මම මගේ පියා අපේ ඉඩමක් විකුණලා සල්ලි දැම්මා ඊටීඅයි එකේ. මගේ බලවත් ඉල්ලීම නිසා වෙලාවට ඉවත් කර ගත්තා..
මෙම බැංකු මෙහෙයවනුයේ ගමේ අය තෝරාගන්නා අය විනා රජයෙන් නොවේ. එබැවින් මෙයට රජය වගකිය යුතු නැත. චංචා නීතිය අනුව කටයුතු කළ හැක. මේවා මෙහෙයවන අයගේ චර්යාව ගැන තැන්පත් කරුවන් දැනුවත් විය යුතුයි. නමුත් රටේ දේපල සෙරකම් කරන දේශපාලුවන් නැවත නැවත තෝරා යවන ජනතාවක් සිටින රටක මේවා අරුමයක් නොවේ දැන් හිත හදා ගැනීම හැර වෙනත් දෙයක් නැත. පාරවල් අවුරා කලබල කර සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම අපරාධයකි.
මෙම බැංකු මෙහෙයවනුයේ ගමේ අය තෝරාගන්නා අය විනා රජයෙන් නොවේ. එබැවින් මෙයට රජය වගකිය යුතු නැත. චංචා නීතිය අනුව කටයුතු කළ හැක. මේවා මෙහෙයවන අයගේ චර්යාව ගැන තැන්පත් කරුවන් දැනුවත් විය යුතුයි. නමුත් රටේ දේපල සොරකම් කරන දේශපාලුවන් නැවත නැවත තෝරා යවන ජනතාවක් සිටින රටක මේවා අරුමයක් නොවේ දැන් හිත හදා ගැනීම හැර වෙනත් දෙයක් නැත. පාරවල් අවුරා කලබල කර සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම අපරාධයකි.
ඔකේ කිසිම බැංකු කටයුතු ගැන දැනුමක් තිබ්බ එවුන් හිටියේ නැහැ .... යන්තම් ඉස්කෝලේ ගිය එවුන් තමයි ඔක්කොම නිලධාරී .....අධ්‍යක්ෂ මණ්ඩලයේ කීප දෙනෙක් උන්න ඉගෙන ගත්තු එත් බැංකු කටයුතු විෂය නෙමෙයි ....අනුන්ගේ සල්ලි තමන්ගේ වගේ වියදම් කල .....තමන්ව උලුප්පගන්න ලක්ෂ ගණන් වියදම් කලා .....සල්ලි දාපු උන් ....අධ්‍යක්ෂ මණ්ඩලය ඔහේ බලාගෙන හිටිය ......ඔඩිට් කරන්න අපු එවුන් මොනවා කලද දන්නේ නැහැ .....කීයක් හරි වැඩිය දෙනවා කිව්වොත් ඕන මගුලක් කරන උන්ට වෙන්නේ ඕක තමයි .....අපි නම් අපේ හිතවතුන් කීප දෙනෙක්ම ...ලක්ෂ පනහකට වැඩිය තැන්පත් කරන්න හිතාගෙන හිටපු අපෙන් නිකමට වගේ අහපු නිසා බෙර ගත්ත ......උගුලට අහුවුන අය ගැන කනගාටුයි ........