IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ

(සුජිත් හේවාජුලිගේ)

වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම එන්නත් හිඟය හේතුවෙන් දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන රෝගීන් සහ අවයව සැත්කම් සිදුකළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

සෝඩියම් බයි කාබනේට් එන්නත හිඟවීමට බලපෑ ප්‍රධාන හේතුව වී තිබෙන්නේ එය දේශීයව නිපදවීම සඳහා එක්තරා සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ඉල්ලා යොමුකළ අයැදුම්පතට අවසර ලබාදීමට වසර දෙකක කාලයක් ගතවීම බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එම සමාගමට මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශය ඇණවුම් භාරදී නැතැයි ද වාර්තාවේ.

මේ අතර තවත් සමාගමක් එන්නත් දේශීයව සකස්කර ලබාදීමටත් ආනයනය කිරීමටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පත් යොමුකර ඇතත් මෙතෙක් ඒ සඳහාද අවසරය ලැබී නැතැයි කියති.

මෙම එන්නතේ අවශ්‍යතාව පිළිබඳව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය විනෝදනි වනිගසේකර මෙලෙස පැවසුවාය.

‘‘මෙම ඖෂධය දැඩි සත්කාර කටයුතුවලට රෝගීන්ට ඕන වෙනවා. සංකූලතා ඇතිවූ අවස්ථාවක රුධිර පීඩනය අඩුවූ අවස්ථාවකදී අවයව බද්ධ කිරීමකදී සෝඩියම් බයි කාබනේට් අවශ්‍ය වෙනවා.

රෝගීන්ගේ රුධිරයේ පවතින ආම්ලිකතාවය අඩු කිරීමට මෙය උපකාරී වෙනවා. මෙය එදිනෙදා අවශ්‍ය වන බෙහෙතක් නෙවෙයි.

නමුත් සංකුලතා ඇතිවූ විට අවශ්‍ය වෙනවා’’ යැයි ඇය පැවසුවාය.

 



අදහස් (3)

සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ

රම්බොඩ Saturday, 02 November 2024 11:02 AM

පෞද්ගලික අංශයටවත් පුළුවන් තරම් අපට අවශ්‍ය ඖෂධ රට ඇතුලේ හදන්න ඉඩ දෙන්න ඕන. ඒවට අවසර නොදී තියාගෙන ඉන්නවා. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ද නැත්නම් කොමිස් පිළිබඳ ප්‍රශ්න ද දන්නේ නෑ. සේරම පුරුදු වෙලා තියෙන්නේ අහුවුණු කැනින් ගසා කන්නනේ....!

:       1       49

සිල්වා Saturday, 02 November 2024 12:46 PM

උගන්ඩා සල්ලිවලට තිත තැබුවා වගේ මෙම කොමිස් කතාවට ද තිත තැබිය යුතුයි. නැතිනම් රජයට කිසිම ගනුදෙනුවක් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවිය හැකියි...

:       7       46

පිටිගල මිලානෝ Saturday, 02 November 2024 02:31 PM

කෙහෙළියට කියන්න.

:       13       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site