
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
අදාළ කැබ් රථය මානකඩ රමුකෙවත්ත මාර්ගයේ ධාවනය කරමින් සිටි අතරතුර මෙලෙස ඇල මාර්ගය හරහා ධාවනය කරවීමේදී සැඩ පහරට හසුවී පෙරළී ඇතැයි ද පොලිසිය පවසයි
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රම්බුකේ වත්ත නැමැති ඉඩමේ හිමිකරුවකු බව කියන කිරිබත්ගොඩ අශෝක උයන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලොකු ලියනගේ චන්න කබ්රාල්(69) සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී දසුන් ප්‍රනාන්දු නැමති 30 හැවිරිදි රියදුරෙකි
මියගිය දෙදෙනාගේ දේහයන් අවිස්සාවිල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ වූ හදිසි මරණ පරීක්ෂණය අද (06) දින පැවැත්වීමට නියමිත වේ.

(ඡායාරූප- බුද්ධික කුමාරසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය අයගේ පවුලේ අයට, මිතුරන්ට මෙම ඡායාරූප දැකීමෙන් මොනවා හිතෙයිද?
ඔය ප්‍රදේශයේ වැස්ස වෙලාවට පොඩි වාහනයක් නොවෙයි ලොකු වාහනයක් වුනත් යන්න අඅමාරුයි මාර්ගයේ දෙපසින් කානු නැහැ පරට සම්බන්ධ අතුරු මාර්ග දිගේ වැහි වතුර පාරට ඇවිල්ලා පාර යටවෙනවා පාරවල් හදන්න ඇස්තමේන්තු සකසන අය පාරට කානු අවශ්‍ය බව නොදන්නවා ඇති එහෙම නැත්නම් කානු නැතුව පාර හැදුවොත් පාරට ගලන වැසි ජලය නිසා ඉක්මනින් පාරවල් කැඩුනම පිලිසකර කොන්ත්‍රාත්තුව අරගෙන වාසි ගන්න පුළුවන් කියලා හිතෙනවා ඇති ඊළඟට ඇලවේලි ශුද්ධ නොකිරීම නිසා ඇලවේලි පිරී ඉතිරීම නිසා මෙහෙම අනතුරු වෙනවා ඇත්තටම පාරවල් අයිනෙ තියෙන කානු පද්ධතිය අයිති වෙන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටද නැත්නම් මාර්ග සංවර්ධන අධිකාරියටද කියලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න