(අංජුල මහික වීරරත්න)
අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇත.
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට මෙලෙස අනුමැතිය දී තිබේ.
මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ දීමට එකඟත්වය පළ කෙරිණි. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි.
නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි බව අමාත්‍යාංශය කියයි.
එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව ඇතැයි ද හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250ක් බවද අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන ආයෝජනද. මිලියන 250 මුදලක් 10% ගානේ දැම්මත් පොලිය මිලියන 25 ලැබෙනවා. මුල් මුදලත් එහෙමම තියෙනවා, ඕන වෙලාවක ගන්න පුළුවන්. හෙක්ටෙර්යාර් 1 කියන්නේ වඅ 10,000 පුංචි ඉඩක්. අවදානම හුඟක් ඉහලයි. වැරදුනොත් මුළු මුදලත් එක්කම නැති වෙනවා. ආයෝජකයා පාරටම වැටෙනවා. ලැබෙන්නේ ආසන්න වශයෙන් මිලියන 38 විතර. බැංකු පොලිය ටිකක් වැඩි උනොත් අර ආයෝජනය බිමටම වැටෙනවා, ප්‍රතිලාභ ඉහල නිසා. ලංකාවේ හුඟක් ආයෝජන ව්‍යාපෘති වල පටන් ගැන්මේ ඉඳලම වැරදියි.
අපනයන මාර්කට් කරගෙන කරන්න පුලුවන්නම් හොඳයි තමයි . පොලිටිනල් ගෘහ හදල කරනවානම් රටේ ඕන පළාතක පුලුවන්වෙයි
ස්ට්‍රෝබෙරි නොවේ ගෙදර වත්තේ පැපොල් ගහක් හදාගන්න බැහැ , වඳුරෝ පැනලා ඔක්කොම කාල විනාශ කරලා දමනවා මදිවට වහලවල් වල තිබෙන උළු පවා කඩල බිඳලා දමනවා