නයිජීරියාවේ ඊසාන දිග බොර්නෝ ප්‍රාන්තයේ ඉස්ලාම් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සොල්දාදුවන් 70ක් පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
ගොර්ගි ගම්මානයේදී එල්ල වී ඇති මෙම ප්‍රහාරයට අත්බෝම්බ සහ වෙනත් බර අවි භාවිතා කර ඇති අතර සටන්කාමීන් සැඟවී සිට පහර දී ඇත.
තුවාල ලැබූ සෙබලුන් අගනුවර වන මයිදුගුරි වෙත ගෙනවිත් ඇති අතර මියගිය අයගේ සිරුරු මයිමලාරි හමුදා රෝහල වෙත ගෙනවිත් තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd