(කේ. බුද්ධික කුමාරසිරි)
කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රදානී සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්‍ලිමත් විශ්ව විද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීම ප්ලිමත් සරසවියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩැප්‍රිඩ් මුවර් මහතා හෝමාගම පිටිපන එන්එස්බීඑම් හරිත සරසවියේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී අද (10) දින සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල වසර තිස්පහකට වැඩි වෘත්තීය පලපුරුද්දක් සහිත කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානියකු වන සුජීව මුදලිගේ මහතා වර්ෂ 1991 සිට වරලත් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කල අතර විවිධ තනතුරු රාශියක කටයුතු කල අයකු වේ.
එක්සත් රාජධානියේ ඉහළම ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක් වන ප්ලිමත් විශ්වවිද්‍යාලය සුජීව මුදලිගේ මහතාට මෙම ගෞරව ආචාර්ය උපාධිය පිරිනමනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ගණකාධිකරණය සහ මූල්‍ය කටයුතු සඳහා ඔහු කළ අසමසම දායකත්වය අගයමිනි.
මුදලිගේ මහතා ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල වසර 35 කට වැඩි වෘත්තීය ජීවිතයක් ගත කරන කීර්තිමත් චරිතයකි. 1991 සිට වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඔහු ICASL, CIMA-UK, ACCA-UK, සහ CPA Australia ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තීය ආයතනවල සාමාජිකයෙකි.
ඔහුගේ කීර්තිමත් වෘත්තියට PwC හි වසර 25 ක් ඇතුළත් වන අතර එහිදී ඔහු 2023 දක්වා කළමනාකාර සහකරු සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර හතක් සේවය කළේය.
ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ (CAPA) සභාපති සහ ජාත්‍යන්තර ගිණුම්කරණ අධ්‍යාපන ප්‍රමිති මණ්ඩලයේ සාමාජික වැනි කීර්තිමත් භූමිකාවන් දරමින් ඔහුගේ බලපෑම ගෝලීය වශයෙන් විහිදේ. ජාතික වශයෙන්, ඔහු මූල්‍ය පාලනයට දායක වී ඇති අතර, SEC, NMRA, සහ BoI වැනි නියාමන ආයතනවල සේවය කරමින් ඩිජිටල් බැංකුකරණය සහ බ්ලොක්චේන් හි මුලපිරීම්වලට නායකත්වය දෙයි.
මෙම ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීමේ අවස්ථාවට හරිත සරසවියේ උප කුලපති මහාචාර්ය ඊ ඒ වීරසිංහ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහත්වරු සහ ව්‍යාපාර පරිපාලන ඒකකයේ පීඨාධිපති තිලිණි ද සිල්වා මෙනවිය සහභාගී වූවාය.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුජීව මුදලිගේට ප්‍ලිමත් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය
ආචාර්ය බකල ජයා Tuesday, 10 December 2024 10:44 PM
කථානායක ධුරයටත් සුදුසුයි.
එඩී Wednesday, 11 December 2024 12:11 PM
පන්නිපිටිය ධර්මපලයෙන් ගමන් ආරම්භ කළ සුජීව ඉන්පසු රාජකීය විදුහල සහ විවිධ උසස් අධ්‍යාපන ආයතන හරහා ගිණුම්කරණය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහලට ගිය අයෙක්. සුබ පැතුම්.