(නිමල කොඩිතුවක්කු)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
රට පවතින මූල්‍ය අර්බුදය මෙන්ම එය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ප්‍රකාශ නොකිරීම, රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හා පිළිතුරු නොදීම ආදි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ කළමනාකරණ කමිටුව සාකච්ඡා කර කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවත් අත්තනායක මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වේද රජයේ වහල්ලු වැඩියි නේද? රජයෙන් ඉවත් කරපු එවුනුත් එකතුවෙලා පරාද කරයි...
කඩිනමින් කියලා කොච්චර ප්‍රමාදද? පසුගිය සතියේ මාස තුනකින් ආවේ නැහැ කියලා කෑගහන්නේ නැතුව තුන් මාසය අවසානයේ එම වරදත් සමග ඕක ගෙනාවා නම් මොකද? කමක් නැහැ... දැන් එතකොට බැසිල්ට විරුද්ධව කථාකරන විමලෙලාගේ වැඩත් බලන්න බැරියෑ. ඔබලාත් දැන් වැඩ පරක්කුවෝ වෙලා කියලා පැහැදිලියි...
කොටි ත්‍රස්තවාදීන් සමඟ යුද්ධය කරන සමයේ එතුමා යම් සැලකිය යුතු කාර්යයක් කළවග පුවත්වලින් දැනගතිමි. ඒ ගෞරවය එසේම තිබේවා...! අද තත්ත්වය අනුව ඒත් තමා ඇමරිකාවේත් පුරවැසියෙකු බැවින් ඕනෑම වේලාවක ඇමෙරිකාවට පලා යා හැකියි.. ඒ නිසා මෙතරම් බැරෑරුම් තනතුරක් දැරීම රටට කොතරම් සුදුසුදැයි පැනයක් ඉතිරිව ඇත.
ජෙප්පන්ගේ කුමන්ත්‍රණ...
ජාතිවාදීන් ඉන්නකන් ලංකාවට මොනවා කළත් වැඩක් නැහැ...
බැසිල්ගේ වුවමනාවක් ඉෂ්ඨ කිරීමට වගේ..
වැඩකට නැති මුදල් ඇමති. එනකොට නම් කිව්වේ කොහොමද? රට පෙරලලා හරි ඩොලර් අර්බුදයෙන් රට බේරගනී කියලා. ඒ වෙනුවට රට තව නවත් අර්බුදය කරා ඇදගෙන ගිහින්...!
පොහොට්ටුවේ ඉන්න බොරු කියන්නම උපන් කාලකණ්ණි විසින් මොල 7ක් ඇතැයි කියලා පම්පෝරි ගහලා ආතල් දුන්නනේ... දැන් මොකෝ වෙලා තියෙන්නේ...? විශ්වාස භංගය නෙවෙයි, හරි නම් නීතිවිරෝධී මන්ත්‍රීකමට විරුද්ධව නඩුවක් දාන්න ඕනෑ. ඒක කරන්නත් වුවමනාවක් නැහැ කාටවත්...