IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සජබ පා ගමන මාවනැල්ලෙන් ගලිගමුවට

( නිමල කොඩිතුවක්කු,බණ්ඩාර ජයරත්න,විශේෂ පි ශාන්ත බණ්ඩාර,සමන් විජය බණ්ඩාර)

ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදවලට එරෙහිව මහනුවරින් ආරම්භ කළ පා ගමනේ දෙවැනි දිනය මාවනැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පලින් ආරම්භ වී ගලිගමුවෙන් අද අවසන් කෙරිණි. 

මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිට පිහිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා දුලංජලි ප්‍රේමදාස මහත්මිය  පුෂ්පෝපහාර දක්වා කෙටි උත්සවයකින් අනතුරුව පා ගමන ආරම්භවිය.

විරෝධතා පාගමනට සහයෝග දැක්වීම සඳහා මාවනැල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමන කටයුතු සඳහාද බාධා එල්ල විය.

 



අදහස් (6)

සජබ පා ගමන මාවනැල්ලෙන් ගලිගමුවට

කිරි පුතා Wednesday, 27 April 2022 07:43 PM

මේ රට ගොඩ නගන්නද?

:       6       23

සුජිත් පල්ලේවත්ත. Wednesday, 27 April 2022 07:54 PM

අරගලය කරන්නේ 225ටම යන්න කියා බව දැනගෙන මේ අය බබාලා වගේ පාගමනේ...

:       11       26

චන්දන Wednesday, 27 April 2022 08:33 PM

මෙයාලා පෙලපාලියක් යන්නේ සජබෙ ආණ්ඩු පිහිටුවීමටද? ඒවා නම් වානා පුතෝ... !!! 

:       11       32

මහසෙන් Wednesday, 27 April 2022 08:42 PM

ඔයා 2 වෙනිදාට ජනාධිපතිද? අගමැතිද?

:       6       19

Sooriya Thursday, 28 April 2022 07:33 PM

මේ අය දැන් බබාලා වෙන්න හදනවද? මහජනතාව පාරට බැස්සාම තමයි මෙයාලටත් කෙළවෙන බව දැනගෙන බොරුවට පාරට බහින්න මතක් වුණේ... දැන් මිනිස්සුන්ගෙන් ලකුණු දාගන්න රඟපානවා...

:       0       0

Menaka Friday, 29 April 2022 03:20 AM

අපිට බොරු කියන්න එපා. ඔබත් ඉවත්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1134 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site