IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’සජබ ජනතාව ගැන හිතන පක්ෂයක්’’

(නිමල කොඩිතුවක්කු)

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යටතේ තවත් පෝලිම් යුගයක් නිර්මාණය වී  පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් දැකගැනීමට හැකිව ඇතැයි සමගි ජනසන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ජනතාවට සහන දෙන බවට පැවසූ ආණ්ඩුව යටතේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රට මේ මොහොත වන විට තීරණාක්මක අවස්ථා රැසකට මුහුණ දෙන බවත් වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයකු ලෙස බදු අඩු කරන බව පැවසුවත් ඔහු ජනතාවට ලබා දුන් පො⁣රොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් සිටින බවත් මැද කොළඹදී අද (31) පැවති ජනහමුවකදී ඔහු පැවසීය.

ජනතාව අසහනය⁣ට පත්ව ඇති මොහොතක ජනතාව රවටා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළත් සමගි ජන බලවේගය ජනතාව ගැන සිතන පක්ෂයක් නිසා ජනතාව පෙළෙන දුක නැති කර අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළේ විපක්ෂයේ සිට බවත් ඒ සාකච්ඡාවලදී මෙම ගිවිසුම සංශෝධනය කිරීමට එකග වුවත් වත්මන් ආණ්ඩුව යටතේ  ලංකාව ගැන කරන පසුවිපරම පවා කල් දමා ඇති බවත් ඔහු පැවසීය.

නැවත ණය ගෙවීම 2033 සිට කරන්න කියා අයි එම්  එෆ් එක කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩු කර ගිවිසුම් අත්සන් කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

පවතින ආර්ථික වර්ධනය ගැන බලන විට 2028 සිට ණය ගෙවිය නොහැකි බවත් එම නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතු බවත් ඔහු පැවසීය.

මේ තත්ත්වයෙන් රට බේරා ගත හැක්කේ සමගි ජන බලවේගයට බැවින්  කෙටි කාලීන සහන ගැන නොසිතා දරුපරපුර ගැන සිතා කටයුතු කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

’’සජබ ජනතාව ගැන හිතන පක්ෂයක්’’

වික්‍රම විදුර Thursday, 31 October 2024 02:29 PM

උස නම් සිකුරිටි මිටි නම් කම්කරු. ඡන්ද අල්ලස් හිරේ දමනු.

:       4       19

විකුම් Thursday, 31 October 2024 02:35 PM

ඔයා ජනතාව ගැන හිතුවට ජනතාව ඔයා ගැන හිතන් නෑ සජී බබා. දැන් මං පොර ජාතකය ඇති.14 පසු ඔයා ඉන්න තැනක් කියන්න. යාලේ ද? වෙන කොහේ හරි ද? ප්‍රේමදාස නාමය දේශපාලනය තුලින් අයින් කරලා දාලා යන්නේ ඔයා තමා පුතේ.

:       6       24

Mohamed Thursday, 31 October 2024 03:28 PM

අනුර කරන එක කරපුදෙන් තෝ පැත්තකට වෙලා හිටපන් බූරු පුතේ.

:       9       23

chinthaka Friday, 01 November 2024 11:20 AM

මෙදා විපක්ෂ නායක පට්ටමත් නැතිවෙනවා... ආර්යාවත් එක්ක සැලෝන් එකේ වැඩක් කරගෙන ඉන්න...!

:       0       7

Perera Friday, 01 November 2024 11:59 AM

සජිත් ජලනි බලවේගය අපිට එපා.

:       0       7

ගමේ එකාලා Friday, 01 November 2024 03:34 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරුව ඉන්න කෙනෙක් ජනතාව ගැන හිතන්නේ කොහොමද ? බොරු බේගල් වලට ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site