
(රෝෂන් තුෂාර)
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද(12) නිකුත් කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුක් හකිම් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ය නිකුත් කළේය .
අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විත්තිකාර රංජිත් මධ්‍යම බණ්ඩාර මහතාට ලබන 26 වෙනි දින අධිකරණය කරුණු දක්වන ලෙසටද නියෝග කළාය.
සමගි ජනබල වේගයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිත ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පා මහතා නම් නොකර ජාතික ලැයිස්තුව සකස් කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කළ අතර විත්තිකරුට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි ද දිසා විනිසුරු වරිය විසින් නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබය වගේම ඔයගොල්ලන් අකුරින් වරද්ද ගන්නවා. රංජිත් අයියා දැක්කා නම් පව්නේ...
හම්බවෙච්චි තුට්ටුවටත් වලි වගේ... හවුලේ කෑවාම ඔහොම තමයි.
සජිත්ට හොද පාඩමක් මේක කල් මර මර හිටියට ! නායකයෙක් වුණාම කොන්දක් තියෙන්න ඕනෑ වේලාවට තීරණ ගන්න
සිව් දෙනෙක් පත් කරගන්ඩ බැරි නායකයෙක් කොහොමද අප්පා රටක් පාලනය කරන්නේ
ඔය ලැයිස්තුව සිංහලෙන් නැතිව ජපන් භාෂාවෙන් ගොනු කළා නම් ඉවරයිනේ...