
(අංජුල මහික වීරරත්න)
එජාපය සහ සජබ එකතු කරන්නට සමගි ජන බලවේගයේ නායකයාට ද අවශ්‍යතාවයක් තිබෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බියගම ජන හමුවක දී පැවසීය.
"අලියා" නැවත ඉදිරියට ගත යුතු බව ජනතාව මෙන්ම සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන්ද තමා සමඟ සාකච්ඡා පවත්වමින් සඳහන් කර ඇතැයි විජයවර්ධන මහතා කීය.
බියගම ආසනයේ පාක්ෂිකයන්ට ස්තුති කිරීම සඳහා මෙම ජන හමුව සංවිධාන කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා:-
අපේ බලාපොරොත්තු ඉටු කරගන්නට නොහැකි වුණා.අප මහන්සි වුණත් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගන්නට නොහැකි වුණා.ජනපතිවරණ පරාජය සමඟ ඉතා අසීරු මහ මැතිවරණයකට අප මුහුණ දුන්නා.අප පරාජයකට මුහුණ දුන්නත් ඉදිරියේදී නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගෙන මීට වඩා ශක්තිමත් ලෙස ඉදිරි මැතිවරණ වලට මුහුණ දීමට හැකියාව තිබෙන බවට මට විශ්වාසයක් තිබෙනවා.
අද රැල්ලක් විදියට මාලිමාවේ ආණ්ඩුවක් හැදිලා තිබුණට ඒ අය ගන්න තීන්දු තීරණ දෙස බලන විට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා ගෙනය ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බවයි.
නමුත් ලබන වසර වන විට ඒ අයට නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දීමට වෙනවා.දැන් සිටම ඔවුන්ගේ වෘත්තීය සමිති වල සිටින අයගේ ඉල්ලීම් වැඩි වෙමින් තිබෙනවා.මූල්‍යමය වශයෙනුත් ලබන වසර වන විට ඔවුන්ට යම් හිරවීමකට ලක්වීමට සිදුවෙනවා.ඒ නිසා ආර්ථිකය ජනතාවගේ මූලික ප්‍රශ්නයක් බවට නැවත පත්වෙන්න නියමිතයි.ඒ අවස්ථාව වන විට අප ශක්තිමත්ව සිටිය යුතුයි.එජාපයේ පමණක් නොව සමගි ජන බලවේගයේ අයත් මා සමග මේ දිනවල කතා කරනවා.මේ පක්ෂ දෙක වෙන්වී පලක් නැති බවත් එකතු විය යුතු බවත් ජනතාවගේ අදහසයි.ඒ දේ කරන්න පුළුවන් වෙිවි යැයි මා සිතනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ නායකතුමාට ද අවශ්‍යතාවයක් තිබෙනවා.එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මා සමග මේ දිනවන කතා කරනවා.එම නිසා ඒ පක්ෂ දෙක කෙසේ හෝ එකතු කර ගත යුතුයි.
රටේ ජනතාවට අවශ්‍යතාවයක් තිබෙන නිසා නැවත අලියා ඉදිරියට ගත යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද පවසනවා.
මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් යන විටද ජනතාව අසන්නේ සිලින්ඩරයක් ගෙනවිත් තියෙන්නේ ඇයි? අපේ අලියා කෝ! යනුවෙනුයි.ජනතාව තුළින් එම ඉල්ලීම් ලැබෙමින් පවතිනවා.අලියාගෙන් පැමිණීම ජනතාවගේ බලාපොරොත්තුවක් බව මහා නායක ස්වාමීන් වහන්සේලාද අප සමග පැවසුවා. තවමත් රටේ ජනතාවගේ හදවතේ "අලියා" ඉන්නවා.
පක්ෂය හදනවා නම් නැවත අපි ප්‍රතිසංවිධාන කරගෙන ආසන සඳහා සුදුසු සංවිධායකවරුන් පත් කරගෙන වෘත්තීය සමිති ගොඩනගා සියල්ල ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා.
එමෙන්ම අපට තව මැතිවරණයකට මුහුණ දෙන්නට වේවි.ඒ පළාත් පාලන මැතිවරණයයි.ඒ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. එම මැතිවරණය අනෙක් මැතිවරණ වලට වඩා වෙනස්.හිතවත් කමට ගමේ කමට ඡන්දය ලබා දෙනවා.ඒ නිසා මහන්සි වුනොත් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වේ යැයි අප විශ්වාස කරනවා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ අප සමග එකතු වූ කණ්ඩායමට අපගේ ස්තූතියි පුද කළ යුතුයි.
අප ලැබූ පරාජයෙන් යම් කිසි පාඩමක් ඉගෙන ගෙන ඉදිරියේදී ප්‍රතිසංවිධාන කටයුතු කරමින් නැවත ආසන වලට ගොස් වැඩ කටයුතු කරමු.තරුණයන් අප සමග එකතු කරගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුව තිබෙනවා.
අපි මහන්සි වෙමු.ඉදිරියේදී අපට ජයග්‍රහණය කරන්න පුළුවන්.
(ඡායාරූප:-ප්‍රදීප් පතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිච්ච මගුල් වල දානවා පුච්චනවා.. ඔය මලකුණු පක්ෂ අපිට රටට එපා.. ඔබලා වැලලියල්ලා.. තවත් මිනීමරණ, හොරාකන, වධකාගාර දාපු ත්‍රස්තවාදය ඇතිකරපු.. කරුම නරුම පක්ෂේ...!
රනිල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී එය සජිත්ට දෙන්න. එතකොට ප්‍රශ්නය ලේසියෙන්ම විසඳෙනවා. හේතුව ඡන්දයකින් රනිල්ට කවදාවත්ම බලය ගන්න බැරි බව ඉතා පැහැදිලියි...
අලියා ඉදිරියට ගන්න එජාප පවුල් බූදලය සාමාජිකයන්ට පවරා ඔවුන් මගින් සුදුසු නායකයෙක්, ඡන්දයකින් පත්කරගන්න.
සජිත් ප්‍රේමදාස එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයා කෙරුවා කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කවමදාවත් ජනාධිපති වෙන්නේ නැහැ.
රනිල් ඉවත්වී පක්ෂය සජිත්ට දෙන්න වැඩේ ඉවරයි...
ඔක්කොම ජා.ජ. බලවේගයට එකතුවෙලා රට ගොඩගන්න උදව් කළොත් නරකද...?
සජිත්ගේ ඕනෑකම සදහටම විපක්ෂ නායක වෙලා ඉන්නයි. කිසිම බරක් නැතුව සැපට ඉන්න පුළුවන්නේ...
සජිත්, රනිල් යූඇන්පීයේ එකට හිටපු අය. අන්තිමට කුලල් කාගෙන දෙකට බෙදුණා. රනිල් බලලෝබියෙක්...!
ඔය සද්දන්ත කුළුණක් වගේ තිබ්බ එජාපය රනිල්ගේ මාමා JR... රනිල්ට දුන්නේ 5/6 ක විශාල බලයක් එක්ක. අද වනවිට රනිල් එජාපය නැත්තටම නැති කරලා, වලපල්ලට යවලා පොළවට සමතලා කරලා අද වනවිට රටේම එක UNP කාරයෙක්වත් හොයාගන්න වත් නැහැ. ඔන්න රනිල් ගොයියගේ තරම... අනේ මේ මනුස්සයා මොනවට මේ රටේ උපන්නාද?
2019 දී සජිත්ට ඡන්දේ දුන්නා. ඒකට සලකන්න ඔහු පක්ෂය කඩාගෙන ගියා... දැන් යන එන මං නැතිවෙලා ආපසු එන්න හදනවා. ඔබට අවශ්‍ය නම් ඔබ සජබට යන්න... වැරැදිලාවත් සජිත්ගේ කට්ටිය ගත්තොත් අපි කන්චන ඇතුළු කණ්ඩායමට එකතු වෙනවා. ඔතැන ඉන්නේ හාන්සිපුටු කාරයෝ විතරයි...!
කන්න ඕනෑ වුනාම කබරගොයත් තලගොයා කරනවා කියන්නේ මේවාට , මොනවා එකතු කළත් ජනතාව එකතු කරන්න ඔබලාට බෑ.., අවුරුදු 76ක් රට කෑවා.
එ.ජා.ප. කඩාගෙන ගියේ රජ වෙන්න පුලූවන් නිසානේ.. ආයේ ආපහු එන්න එපා. ගන්නත් එපා. තරුණයන් ඉදිරියට ගෙනැවිත් පක්ෂය සංවිධානය කළොත් පක්ෂය ගොඩ..!
මම බියගම ආසනයේ හිටපු ප්‍රබල එක්සත් ජාතික පාර්ශිකයෙක් බියගම ආසනයේ පරාජවීමට සම්පූර්ණ වග කියන්න ඕනෙ ඔය නියෝජ්‍ය නායකයා. මොකද 2015 ජනාධිපතිවරනය දිනලා 2015 මහ මැතිවරණයත් දිනවීමට අප අපමණ කැපවීමක් කළා. මොකද උනේ ඊට පස්සේ නියෝජ්‍ය නායකයා ආරක්ෂක රාජ්‍ය ඇමතිකම අරන් අපිට මුණගැසීමටවත් අවස්ථාවක් නැති කළා. බියගම ප්‍රධාන කාකාර්යාලය වැහුවා. මහජන දින නැති කළා. පාර්ශිකයින්ට කලකිරුණා. දැන් බලය නැති වෙන කොට මිනිසුන් එක්ක ඉන්නවා. බලය ලැබුනහම නැග්ග ඉනිමගට පයින් ගහන නියෝජ්‍ය නායකයා.
සජිත් සහ සජබයේ මේ යටිකූට්ටු ජොලිසීයට එකතු විය යුතු නැත. සීයගේ ප්ලෑන් එක සජිත්ව පන්නලා දාලා පරාජිතයින් නායකයා කරලා තවත් හොර කල්ලියක් හදන්නයි.
පක්ෂය ගොඩ දාන්න ඉස්සෙල්ලාම හොඳ පිරිමින් ටිකක් හොයාගන්න බැහැ. දැන් ඉන්නේ පිරිමින් කියලා හඳුන්වන්න බැරි පිරිමි...