IMG-LOGO

සජිත්ගෙන් ආණ්ඩුපක්ෂයට ප්‍රශ්න පත්‍රයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් යකඩ මිලදී ගැනීමට  යොදවා ඇතැයි වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2)  යටතේ  ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රශ්නය ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී හා දූෂිත කළමනාකරණය රටේ ජනතාව අන්ත අසරණභාවයකට පත් කර ඇත. බඩගින්න, නොනවතින පෝලිම්, අඳුර හා උග්‍ර ජීවන වියදම දරාගත නොහැකි වූ පුරවැසියෝ තම දුක් ගැනවිලි සඳහා සංවේදී නොවන ආණ්ඩුවට එරෙහිව මහපාරට පැමිණියහ. තැන තැන මතු වූ එම විරෝධතා අද “ගෝඨා ගෝ ගම” නොනවතින ආණ්ඩු විරෝධී අරගලය දක්වා දිග්ගැස්සී ඇත. එහෙත් ආණ්ඩුව තවමත් නින්දේ ය. ජනතා ප්‍රශ්න එසේම ය.

එබැවින්, පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

01.  අද රටේ විරැකියා ප්‍රතිශතයේ වර්තමාන අගය කොපමණ ද?

02.  පසුගිය වසර 2 තුළ රටේ සමස්ත ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක ජනතාවක් දුගීභාවයට වැටී තිබේ ද?

03.  2022 මාර්තු මස වන විට දළ දේශීය නිෂ්පාදිතයට (ද.දේ.නි.) සාපේක්ෂව රටේ සමස්ත ණය බර (රාජ්‍ය සමාගම් ද ඇතුළුව) කොපමණ ද?

04.  2019 ට සාපේක්ෂව එය කොපමණ ප්‍රමාණයක වැඩිවීමක් ද?

05.  වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලයින්ට බදු සහන ලබාදීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වූයේ ද?

06.  ඉහත බදු සහනය තුළින් ඍජු බදු ගෙවන්නන් සහ වක්‍ර බදු (එකතු කළ අගය මත බදු) ගෙවන්නන්ගේ කොපමණ සංඛ්‍යාවක අඩු වීමක් සිදුවී ද?

07.  2019 ට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ පිළිවෙළින් රජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණය වලට ගෙවන පොලිය කොපමණ ප්‍රතිශතයකින් පවතී ද?

08.  මෙවැනි රජයේ ආදායමට සාපේක්ෂව ඉහළ ණය පොලී ප්‍රතිශතයක් ගෙවීම් සිදුකරන වෙනත් රටක් තිබේ ද?

09.  2022 අප්‍රේල් වන විට නිල වශයෙන් භාවිතා කළ හැකි නැතහොත් සත්‍ය විදේශ සංචිත ප්‍රමාණය කොපමණ ද?

10.  චීන රජය මගින් විනිමය හුවමාරු ක්‍රමය (SWAP) යටතේ ලබා දුන් යුවාන් බිලියන 10 ලබා දීමේ දී පැන වූ කොන්දේසි මොනවා ද? එසේම එම කොන්දේසි යටතේ මෙම SWAP පහසුකම ලබා ගැනීමට සුවිශේෂී වූ හේතු කවරේ ද?

11.  ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ මිලදී ගැනීම සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ණය සීමාවෙන් ඉතුරුව ඇති ඩොලර් මිලියන 750ක මුදල යකඩ/වානේ ආනයනයට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. එය සත්‍ය ද? එසේ නම්, එම යකඩ/වානේ ආනයනයෙන් සහන ලැබෙන්නේ වානේ කර්මාන්තයේ නියුතු කුමන ව්‍යාපාර ආයතනයන්ට ද?

12.  පසුගිය කාල සීමාවේ දී දිගින් දිගටම සිදු වූ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන්ගේ සහ කර්මාන්ත වල විදුලි පරිභෝජනය කොපමණ ප්‍රමාණයකින් අඩු වූයේ ද? පසුගිය මාස 06 තුළ විදුලිය විසන්ධි කිරීම නිසා ආර්ථිකයට කොපමණ හානියක් සිදු වූයේ ද?

13.  පසුගිය කාල සීමාවේ විශාල ලෙස මිල වැඩි කිරීම නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබේ ද?නොඑසේ නම්, පාඩු නොවී පවත්වා ගෙන යාමට තවත් කොපමණ ප්‍රමාණයකින් ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතු ද?

14.  පසුගිය මාස හය තුළ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ පාඩුව ආවරණය කර ගැනීම සැලසුම් කර ඇත්තේ කෙසේ ද?

15.  වර්තමානයේ නිර්මාණය වී ඇති ඉන්ධන හා ගෑස් පෝලිම් නිශ්චිතව අවසන් කර ඉන්ධන හා ගෑස් සාමාන්‍ය පරිදි ජනතාවට ලබාගත හැකි දිනය කවදා ද?

16.  රජයේ පොහොර සමාගම් විසින් මෙවර යල කන්නය සඳහා රසායනික පොහොර කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ ද? දැනට කඩාවැටීමකට ලක්ව ඇති වී වගාවට හා අනෙකුත් බෝග වගාවන්ට එම පොහොර ලබා දීමට අපේක්ෂා කරන මිල කොපමණ ද?

17.  පැන්ඩෝරා පත්‍රිකා මගින් වංචාසහගත ලෙස අප රටෙන් සොරාගත් මුදල් නැවත ලබා ගන්නේ කවදා ද? ඒ සඳහා මේ වනවිට රජය ගෙන ඇති පියවර කවරේ ද?

18.  ශ්‍රී ලංකාවෙන් වංචා සහගත සහ දූෂිත ලෙස සොරා ගන්නා ලද මුදල්, නැවත අප රට වෙත ලබා ගැනීම සඳහා දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හා මත්ද්‍රව්‍ය, අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) හා ලෝක බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන  සොරාගත් වත්කම් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන (Stolen Asset Recovery Initiative – StAR) වැනි අන්තර් ජාතික වැඩසටහන් හි තාක්ෂණික සහාය ලබා ගැනීමට රජය කටයුතු ආරම්භ කරන්නේ කවදා ද?



අදහස් (1)

සජිත්ගෙන් ආණ්ඩුපක්ෂයට ප්‍රශ්න පත්‍රයක්

මහසෙන් Thursday, 05 May 2022 02:42 PM

ඉස්සෙල්ලා දවසේ මාධ්‍ය මගින් මතුකරන ප්‍රශ්න පහුවදා උදේට ගිහින් එකදිගට ලොක්කා වගේ අහනවා. තව වැල්බයිලා ටිකක් ගහනවා. යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1065 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site