
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබීය.
විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (18) එතුමාගේ සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම අධ්‍යාපන වාර්ථා සහ සහතික පාර්ලිමේන්තුවට භාර දී නොමැති බවට ආණ්ඩුව චෝදනා කළ අතර එම සහතික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මිනිස්සු
දැන් ඕකෙ කොමාවකවත් වැරැද්දක් තියෙනවද කියල හොයයි. ඒත් තාමත් ආචාර්ය උපාධිය නැතුවත් තමන් ආචාර්ය කියල බොරු විදපු අයට දඬුවමක් නැ
කොහොමද යෝග දඬුවම් කරන්නේ...? ඕකෙ භාගෙට භාගයක් ඉන්නේ පට්ට බොරුකාරයොනේ. දැන් අනාගෙන ඉන්නේ...
සජිත් මහත්තයා නිහතමානී අවංක සාමකාමී උගත් නායකයෙක්!! නමුත් පක්ෂය දූෂිතයන් ගෙන් පිරිලා නිසා එතුමාට බැබලෙන්නේ නෑ!! විපක්ෂ නායක වෙලා සිටීම රටේම වාසනාවක්
ආචාර්ය උපාධියක් තියෙන සහතිකය ගන්න අමතක වුණා. අන්තර්ජාලයේවත් කිසිම සාක්කියක් නැති කෙනෙක් හිටියා කියලා දැනගත්තාම ලෝකයම පුදුමයට පත්වේවි.
මීටවඩා දෙයක් නැද්ද ආණ්ඩුවට කරන්න.. රටේ දැවෙන ප්‍රශ්න ගොඩක් ඇත.
උප්පැන්න සහතිකය, පෙර පාසල් අධ්‍යාපන සහතික සහ ග්‍රාම සේවකගේ පදිංචිය පිළිබද සහතිකය වෙන්න ඇති මගේ හිතේ...!