IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සජිත් මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා කොළඹදී මුණ ගැසුණි.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම, යටිතල පහසුකම් රැසක් විනාශ වීම සිදු වූ බව පැවසීය.

එම යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

මේ අවස්ථාවෙ අප රට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ජනරජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි කටයුතු කළේය



අදහස් (8)

සජිත් මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හමුවෙයි

රනේ Monday, 08 December 2025 04:27 PM

අනේ වස්තුවේ වැඩ අවුල් කරන්න නම් එපා, එක තැනකට වෙලා ඔයාගේ මාධ්‍යයට කියන දෙයක් කියාගෙන ඉන්න හොඳ බබා වගේ මේ කරදර පිළිවෙලක් වෙනකම්...

:       3       26

අරවින්ද මොණරවිල Monday, 08 December 2025 04:33 PM

මම ජනාධිපති වෙලා ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ ජනතාවට සේවය කරන්න පටන් ගන්නා තුරු ලංකාවට ආධාර කරන්න එපා කියන්න වෙන්න ඇති යන්න ඇත්තේ...!

:       4       19

පන්සිළු Monday, 08 December 2025 05:32 PM

රටේ ආත්ම ගෞරවය නැති කරගෙන නම් ආධාර ඉල්ලන්න එපා...!

:       4       20

Hafeel Monday, 08 December 2025 05:41 PM

ඕස්ට්‍රේලියානු මෙයා කියන්නටත් කළින් ආධාර කරලා ඉවරයි... බොරුවට ලකුණු දාගන්න එපා. පුළුවන් නම් දැනටමත් ආධාර නොදුන් රටවලින් අරන් පෙන්නන්න. මෙයා කතා කළ රටවල් සේරම මෙයා කතා කරන්නටත් කළින් ආධාර කරලා ඉවරයි.

:       2       18

පිටිගල මිලානෝ Monday, 08 December 2025 06:21 PM

දිගටම විපක්ෂේ… ස්ථීරයි… තීන්දුයි…!

:       3       18

Shnatha Tuesday, 09 December 2025 02:26 AM

අනේ අම්මපා... කියන දෙයක් තේරෙන්නේ නැති හැටි. අපේ ජනාධිපතිතුමා කිව්වා නේද... ප්ලීස් එපා ... කියලා. දැන් කොයි වචනෙද ඔයාට තේරෙන්නේ නැත්තේ...

:       0       0

Perera Tuesday, 09 December 2025 09:44 AM

ඕස්ට්‍රේලියාවෙන් ආධාර දැනටත් ලැබිලා මේ ආණ්ඩුවට තව දෙනවා කියලාත් මෙයාලාගේ සත පහේ හිඟා කෑම් ඕන නෑ

:       0       2

ජයනාත් Tuesday, 09 December 2025 10:15 AM

ඔයා කලබල වෙන්න එපා. දැනටමත් ආධාර දීල. තවත් ආධාර විශාල ලෙස ඉදිරියට එනව. එහි ශ්‍රී ලාංකික ජනතාව ආධාර තව තවත් රැස් කරමින් ඉන්නව . ඒව එයි . ඔයාල ඉස්සරහින් පැනල ලකුණු දාගන්න යන්න එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site