(තිළිණි ද සිල්වා)
රාජකාරී කටයුතු වලදී උපදෙස් ලබා දීම විනා නියෝග කිසිවක් සිදු නොකරන බවත් 2025 වනවිට මෙරටට උදා ගම්මාන 20000 ක් බිහිකරමින් රටේ ජනතාවගේ ‘‘ සැමට සෙවණ ’’ නිවාස සංවර්ධන දැක්ම ඉදිරියට ගෙන යාමට කැප වී සිටින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ කියා සිටියේය.
අවිධිමත් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගත් සේවයකයින් 635 පිරිසක් වෙනුවෙන් රුපියල් මිලියන 641 ක මුදලක් වැටුප් වශයෙන් ගෙවීම රජයේ මුදල් අවභාවිත කිරීමක් ලෙස තමන් පිලිනොගන්නා බවත් එම පිරිස රට වෙනුවෙන් රුපියල් මිලියන 35000 ක් වටිනා සංවර්ධන ව්‍යාපෘති රටට දායාද කිරීම වෙනුවෙන් ඇප කැප වූවන් යැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හමුවේ විභාග වන පැමිණිල්ලට අදාළව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීය.
දිවා රෑ නොබලා තමන්ගේ පූර්ණ අවධානය සැම සෙවණ ව්‍යාපෘතිය යටතේ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවන අවස්ථාවක 2015 , 2016 , 2017 වසර තුනේදීම තම අමාත්‍යාංශය විසින් මුදල් වැය කර ඇත්තේ සියයට 99.9කට වඩා අඩුවෙන් යැයිද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හැමවිටම ස්වාධීනව ආදායම් උපයමින් එහි සේවක වැටුප් ආදිය ගෙවීමේ කටයුතු නිසි පරිදි ඉටුකරන ආයතනයක් බවත් එසේම එසේම එම අධිකාරිය සඳහා සේවකයින් බඳවා ගැනීම් අදාළ අධිකාරි පිහිටවූ පනතට පටහැනි ලෙසට සිදුව ඇතැයි බවට එල්ල කරන චෝදනා තමන් නොපිළි ගන්නා බවද කියා සිටියේය.
එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද (23) පෙරවරු 9.30ට පෙනී සිට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එහි පොලිස් නිලධාරීන් ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ පැය හතරකට වැඩි කාලයක් ප‍්‍රකාශයක් ලබා දුන් ඒ මහතා ඉන්පසුව කොමිසම ඉදිරියේ පෙනී සිටි මෙම සාක්කි ලබා දුන්නේය.
ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ සහ විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්වරුන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා කරන්නේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද? අනුමත පටිපාටි කඩමින්, නීතියට පටහැනිව පත්වීම් දීම මගින් මහජන මුදල් තමන්ගේ පෞද්ගලික මතය අනුව වියදම් කිරීම නිවැරදි යැයි කියන නායකයෙකුගෙන් මොකක්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොනවා කරන්නද ? "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට ගැළපෙන ආණ්ඩුවකි".
යන්නේ කොහෙද, මල්ලේ පොල් කතා. බඳවාගත් පටිපාටිය හරිද කියලා අහනකොට, එයාලා වැඩ කලා කියනවා. මේ වගේ අයනේ රටේ නායකයන් වෙන්න දඟලන්නේ..?
මෙයා දන්නේ ගෙවල් හදන්න විතරයි, බාසුන්නැහැ කෙනෙකුට කරන්න පුළුවන් වැඩ කොටස කරන්න ජනාධිපති කෙනෙක් ඕන නැහැ නේද?
රජයේ මුදල් පරිහරණය කළ යුත්තේ අදාල පිළිගත් ක්‍රමවේදයන්ට අනුකුලවම පමණි. ජනාධිපති අපේක්ෂකයකු වෙලත් මෙය නොදැන සිටීම කණගාටුවට කරුණකි. කොමිසමේ තීරණය කුමක් වුවත් සමාව දිය නොහැකි වරදකි.
වැරැද්දක් පිළිගන්න දැන උගත්කමක් තිබිය යුතුයි .