
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
මාස කිහිපයකට වැඩි කාලයක් තිස්සේ සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
එසේ පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය නීනී කිසිවක් පිළිනොපදමින් දිය නානමින් විවිධ ජල ක්‍රීඩා කරමින් හැසිරෙන්නට වුයේ තවත් කෝවිඩ් රැල්ලකට කඩිනමින් අත වනමින්ය.
සමහරු යතුරු පැදි සහ ත්‍රීරෝද රථ පිටවානේ පාර ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් අනතුරුදායක ක්‍රීඩා වල ද නිරතව වූහ.
සාමය කඩවන ලෙස ආරවුල් කර ගනිමින් සිටි කණ්ඩායම් ද ඒ අතර විය. පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ අවවාද නොතකමින් බිමත් පුද්ගලයන්සේ හැසිරුණු දෙපිරිස් අතර ගැටුම් කිහිපයක් ද ඇතිවිය.
වැඩිහිටි, තරුණ සහ බාල යන වයස් කාණ්ඩවල කාන්තා පිරිමි මෙසේ දහස් ගණනක් පැමිණ සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අද මූනපා තිබෙන ඔය ඉරණමට ප්‍රධානම හේතුව රටේ බහුතරය මෝඩ ජනතාවක් නිසා..
ඉතින් රට හදන්න කතාව.
නීති රීති තද කරලා හරි මිනිසුන් ගෙ විනය තමයි හදන්න ඕන
අපේ රටේ ඉන්නේ බොහොමයක් එවුං මේ වගේ හරක් තමයි. මුං නිසා තමයි කොවිඩ් ආපහු වැඩි වෙන්නේ. යකෝ තොපි හිටියේ හිරේ නෙවෙයිනේ. ඒක නිසා තව ටික කාලයක් හිටපියව් ගෙවල් අහල පහල. අපේ එවුන්ට තියෙන්නේ අල්ලපු රටෙන් ආපු ගොන් ජාන තමයි කියල පේන්නේ මේවා දැක්කම තමයි.
රට කන පාලකයන්ට චන්දය දුන් මිනිස්සුත් ඒ වගේම වෙන්න එපැයිනේ
මෙයාලාට විකාර... කරුණාකර ගෙදරට වෙලා නාගන්න.