(ඉන්දිකා රාමනායක)
සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් , පොදු ප්‍රවාහන සේවාවන්වල මුහුණු ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් රාජකාරියට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් වෙළඳසැල් තුළට ඇතුළු වන්නේ ද, සුපිරි වෙළඳසැල්වල සියයට 25 ක ධාරිතාව පවත්වාගෙන යන්නේ ද, පොදු ප්‍රවාහන සේවාවන් වල සෞඛ්‍යය නීති උල්ලංඝනය කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය ධාවනය නොකිරීම වගේ දේකට කාවද අල්ලන්නේ? ඒකත් මිනිස්සු පලිද?
මිනිස්සුන්ට ජීවන මාර්ගයක් කරලා කීයක් හරි හොයාගන්න ඉඩදෙන්න. නැතිනම් හැමෝටම දවසකට 2000ක් ගානේ ගෙන්වන්න කියන්න. ආණ්ඩුවේ සේවකයින්ට වගේ...