(සුජිත් හේවාජුලිගේ)
රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.
සංචරණ අඩු කිරීමට රජය ගෙන ඇති පියවර ගැනද සතුටු විය හැකි බව හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් පාලනය සඳහා මේ තත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බව පැවසූ මහාචාර්යවරයා මෙයට සමගාමීව කොවිඩ් එන්නත්කරණයද වේගවත් කළ යුතු බව පැවසුවේය.
එංගලන්තයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් එරට කොවිඩ් මරණ අඩුවී ඇත්තේ එන්නත්කරණය සියයට 70ක පමණ සීමාවකට ළඟා වී ඇති නිසා බවත් ශ්‍රී ලංකාවද වේගවත් එන්නත්කරණයකට යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි වනු ඇති බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීවේය.
රජය එන්නත්කරණයට දක්වන උනන්දුව ගැන සතුටු විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පාසල් විවෘත කිරීමට පෙර වයස 12 ට වැඩි සියලුම සිසු දරු දැරියන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු බවත් එසේ නොමැතිව පාසල් විවෘත කිරීම භයානක බවත් ඔහු ප්‍රකාශ කළේය.
දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී සති දෙකක් ගතවූ පසු පාසල් විවෘත කළ හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.
ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇට නැති දිව කොයි පැත්තටත් හැරවෙනවා නේද මහත්තයෝ? ඔක්කොම ටික හොඳට කෙරෙනවා නම් වාර්තා වන රෝගී දත්ත සහ මරණ අහසට පොළව වගේ වෙනස් වෙන්නේ ඇයි ද දන්නෑ. ඒ ගැනත් කියන්න. ඊළඟ පාර කෝවිඩ් බලකායේ පුටුවක් දෙනවා කිව්වද?
මහාචාර්යතුමා සුදුවෑන් එකක් තමන්ගේ පැත්තට එනවා දැක්කාවත්ද?
සංචාර කරන්නේ කොහොමද ජනතාවට පාන් කියාගන්න බැරිවයි ඉන්නේ ,කෝ මුදල් සංචරණ කරන්න ?