
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බාධාවකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් හඳහන්වා දී ඇත.
ඒ අනුව ඕනෑම සංචාරකයකුට කටුනායක ගුවන් තොටුපොළ පිවිසුමේ සහ දිවයින පුරා පිහිටි සම්පත් බැංකු ශාඛා මගින් ඇමෙරිකා ඩොලර් 5ක් ගෙවා එම ඉන්ධන අවසර පත්‍රය ලබාගත හැකි අතර එමගින් කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ සඳහන් කරයි.
දිවයිනපුරා පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් සහ ඉන්දියානු තෙල් සමාගමට අයත් පිරවුම්හල් 500කදී එම සේවාව ලබගත හැකි බව ද ඇමති කාංචන විජේසේකර මහතා කීවේය.
ඩයලොග් පී.එල්.සී සමාගම, සම්පත් බැංකුව, ඩයලොග්, සමාගමේ තාක්ෂණික සහකාර මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සමාගම එක්ව ටච් ෆුවල් ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දී තිබේ.
අමෙරිකානු ඩොලර් 50ක අවම සහ ඩොලර් 300ක උපරිමයකට යටත්ව පිළිගත් විදේශ මුදල් එකකවලින් ගෙවා ඉන්ධන ලබැගැනීමට සංචාරකයන් එමගින් අවස්ථාව හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංචන බොරු ෂෝ නැතිව තෙල් නැව්වලට වෙලාවට ගෙවන්න. නැතිනම ප්‍රමාද ගාස්තුවලින් කොටසක් කාගෙහරි සාක්කුවට යනවා කියල තමයි හිතන්න වෙන්නෙ. ඔබගැන තිබූ බලාපොරොත්තු කඩ නොකරන්න. ඔබට හොද අනාගතයන් තිබේ
මේවා හිඟන , අමන වැඩ. කිසිම දැක්මක් නැති බූරැවෝ රට පාලනය කරනකොට මෙිවගේ දේවල් පලමු වරට දැකගන්න පුළුවන් එකම රට ලංකාව .
බොහොම හොඳ තීරණයක්.