
( තිළිණි ද සිල්වා )
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටින සංචාරක සේවා සපයන ආයතන හා සංචාරක මග පෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට රජය තිරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලීමේ අරමුණෙන් සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මකයි.
ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අදාළ ආයතන වලට ලබා දෙන තාවකාලික බලපත්‍රය මාස 06 ක කාලයක් සදහා ලබා දිමට කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලියාපදිංචි ගාස්තු ද ලිහිල් කළ ඇතැයි ඇමතිවරයා කියයි.
ඒ අනුව ආගන්තුක නිවාස සංචාරක හෝටල්, අවන්හල් තාවකාලික බලපත්‍ර ලබාදිමට අය කරන මුදල රුපියල් 2200 ක් පමණ වන අතර සංචාරක නිවාස, බංගලා , කුලියට ගත් මහල් නිවාස, සංචාරක හිතකාමී ආහාර ලබා ගැනීමේ ස්ථාන සදහා තාවකාලික බලපත්‍ර ලබා දිමට අය කරනු ලබන ගාස්තුව රුපියල් 1100 දක්වා අඩු කර ඇතැයි ද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
මීට පෙර මේ සදහා ගාස්තු අය කෙරුණේ අදාළ ආයතන වල ඇති කාමර ගණන, පහසුකම් සැලකිල්ලට ගනිමිනි. එහෙත් කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරයේ බිද වැටීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹී බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.
මීට අමතරව මෙම ආයතන ලියාපදිංචිය සදහා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා ගන්නා ලියකියවිලි ද ලිහිල් කර ඇත.
ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සනාථ කරනු ලබන ඔප්පුව හෝ ඒ වෙනුයට බදු ගිවිසුම හෝ අදාළ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු ද තහවුරු කිරිම සදහා ඉඩම පිහිටි ස්ථානය අයත් රාජ්‍ය ආයතනය මගින් එකගතා ලියවිල්ලක් ලබා ගැනීම, වෙළද බලපත්‍රය හෝ ඒ වෙනුවට පළාත් පාලන ආයතනය විසින් ව්‍යාපාරික කටයුතු තහවුරු කරනු බලන ලිපියක් ඇත්නම් එම ලියාපදිංචිය දීර්ඝ කිරීමට ප්‍රමාණවත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී
එමෙන්ම මුද්‍රාව සහිත අනුමත ගොඩනැගිලි සැලැස්ම හෝ ඒ වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය හෝ පළාත් පරිසර අධිකාරිය හෝ පළාත් ගැන ආයතනය විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබා ගැනිම ඊට ප්‍රමාණවත් බව ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක සේවා සපයන ආයතන-මඟ පෙන්වන්නන් ලියාපදිංචි ගාස්තු වසරක් අය නොකරන්න යයි