(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාගම්මන සමගි මාවතේ අවුරුදු දෙකයි මාස හතරක දියණියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා අද (18) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දකුණ, ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරකු බව පොලිසිය කියයි.
අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සැකකරු කුලී ත්‍රීරෝද රථ රියදුරකු වන අතර මීට මාස හතරකට පමණ පෙර මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකදී දැරියගේ මව හඳුනාගෙන තිබේ.
ඉකුත් 13 දා සිදු වූ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට මව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුද මෙහෙම කරන්නේ... පව් පොඩි දරුවා... උපරිම දඩුවම් දෙන්න.
පුංචි දරුවාට නිවන් සුව ලැබේවා...
මේ වගේ නරුමයින්ව එල්ලුම් ගස් යවන්න ඕනෑ.
රටේ නීති දැඩි කරන්න... මේවා මෙහෙම වෙන්න දෙන්න එපා