
(නිමන්ති රණසිංහ)
මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාල භූමියේ පැවැති බක්මහ උළෙලේදී සැඟවුණු අමුත්තා දැයි පිටට තට්ටු කොට ඇසුවා යැයි උරණවී එකොළොස් හැවිරිදි දරුවකුට පහරදී තුවාල කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත මහත්මිය අද (02) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඹුටාන පාර, අංගොඩ පදිංචි ශ්‍රීමාල් පෙරේරා නමැත්තාය.
මෙම අවුරුදු උත්සවයට සැකකරු සහ තවත් පිරිසක් පැමිණ එය නරඹමින් සිට ඇති අවස්ථාවේදී පහරකෑමට ලක්වූ එකොළොස් හැවිරිදි දරුවා සැකකරු අසලට පැමිණ “අංකල් ඔයාද සැගවුණු අමුත්තා” යැයි පිටට තට්ටු කරමින් ඇසූ අවස්ථාවේදී සැකකරු ඉතාමත් පරුෂ ව-චනයෙන් බැන වැදී ඇති බවත් එහිදී දරුවා සිය පියාට මේ බව පවසා ඇති බත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පසුව දරුවාගේ පියා සහ තවත් කිහිප දෙනකු පැමිණ “දරුවට කුණුහරුපයෙන් බැන්නේ ඇයිදැයි” විමසා ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමෙන් පසු සැකකරු සහ ඔහු සමග පැමිණ සිටි පිරිස දරුවාටත් ඔහුගේ පියාටත් තවත් කිහිප දෙනකුටත් පහරදී ඇතැයි පැමිණීල්ලේ සදහන්වන බව පොලීසිය අධිරණයට කරුණු වාර්තා කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් නඩුව ලබන 30 වැනිදා තෙක් කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැඟවුණු අමුත්තාදැයි ඇසූ දරුවාට පහර දුන්නාට ශරීර ඇප