(යොහාන් භාසුර)
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ආනයනකාරුවන්ගේ සහ තොග බෙදාහරින තොග ගබඩා විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී සීනි ආනයන කරන ප්‍රධාන ආනයනකරුවෙකුගේ තොග ගබඩාවක් පරික්ෂා කිරිමට යෑමේදී මෙම සීනී තොගය හමු වී ඇත.
ඒම ගබඩාව පරීක්ෂා කිරීමට යාමේදි තොග සන්තකයේ නැතැයි කියා සිටින බවත් එහිදි විමර්ශන නිලධාරීන් වැඩි දුර පරික්ෂා කිරිමේදී ගබඩාව තුල තිබී සිනි මෙට්‍රික්ටොන් 270ක ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව එම අවස්ථාවේදී එම තොග පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන තෙක එම ගබඩාව මුද්‍රා තැබූ බවත් එම අධිකාරිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත යටින් ගාණ දෙනකන් විමර්ෂණ තියෙයි. ඊට පස්සේ කවුරුවත් දන්නේ නැතිව ඔය සීනි කඩවලට දාලා.., සමහර විට අපි කාලත් තියෙයි...
අන්තිමට වෙන්නේ ඒගොල්ලෝත් ගානක් අරගෙන දේශපාලකයාටත් ගානක් දීල වැඩේ ෂේප් වෙන ඒකයි. හැබැයි දෙගොල්ලන්ටම දීපු ගාන කැපෙන්නේ පාරිභෝගික අපෙන්.
මුද්‍රා තිබ්බම සීනි වලින් වැඩක් නැහැ එහෙම අල්ලන ඒවා සියල්ලම සිල්ලර මිලට අඩුවෙන් එවෙලේම වෙන්දේසියේ විකුණා රජයට මුදල් ගන්න වරක් දෙකක් එහෙම කලොත් නැවත නැවතත් ඒවා නොකරාවි නැත්නම් සතොස හරහා විකිණීම කරන්න
සඟවා තිබ්බා කියලා සීනි වලට මුත්‍රා කරන්න ඕනෙ නැහැ නෙ? අඩු ආදයම් ලාභීන්ට බෙදා දුන්නා නම් ඉවරයි. ඔක දැන් ඔතන නරක් වෙලා යනවා.
අඩු ආදායම් ලාභීන්ට දෙනවා කියන්නේ ඔවුන් නිකම්මු වෙන්න හේතුවක් වෙනවා... ඒකනේ අවුරුදු තිහක් සමෘද්ධි කාපු එකෙක් වත් තවමත් දියුණුවක් නැත්තේ. ඉස්සර ඇමරිකානුවා රටේ අතිරික්ත තිරිඟු කාටවත් නිකම්ම දුන්නේ නැහැ... කළේ මොකක්ද කියනවා නම් නිෂ්පාදන සියල්ලම රජයෙන් මිලටගෙන ඔක්කෝම මුහුදේ ගිල්ලුවා.. එහෙම කළේ ලංකාවේ වගේ නිකම්මු හැදෙනවා කියලා තමයි..
බද්‍රාණි වෙත! සීනි කිලෝ 270000 මුද්‍රා කරා කියල තියෙන්නෙ. සීනි වලට මුත්‍රා කරා නම් කොහොමත් එවා පවිච්චි කරන්න බැහැ. ඇරත් කිලෝ 270000 කට මුත්‍රා කරන්න සැහෙන්න පිරිසක්න ඕන වෙයි.