
(ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක නාන තටාකයකට වැටීමෙන් වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිත්තකු මිය ගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අයුබ් අමානුල්ලා නැමති සිඟිත්තෙකි.
කොළඹ තිඹිරිගස්යායේ පදිංචි පවුලේ පිරිසක් බෙන්තොට ප්‍රදේශයේ සංචාරයකට පැමින මෙම හෝටලයේ ලැගුම් ගෙන සිටියදී මෙම සිඟිත්තා සිය මව පියා සහ නොදැනුවත්ව ඊයේ (10) සවස නාන තටාකයට වැටෙන්නට ඇතැයි පොලිසිය කියයි.
සිඟිත්තා කාමරයේ නොසිටි නිසා මවත් පියාත් ඒ ගැන සොයා බලද්දී හෝටල් භූමියේ ඇති නාන තටාකයේ පාවෙමින් තිබූ සිඟිත්තාගේ සිරුර ගොඩට ගෙන බෙන්තොට රෝහලට ගෙන එනවිටත් මිය ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වළක්වාගත හැකිව තිබූ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ බොහෝම කණගාටුදායක මරණයක්... ළදරුවකුගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම පැහැර හැරීම සහ දෙමව්පිය යුතුකම් පැහැර හැරීම සම්බන්ධව ළමා ආරක්ෂක පනත යටතේ නඩුවක් ගොනුකළ යුතුයි.