
( පද්මසිරි ගාර්දියවසම්)
අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේ ලාගේ අයෝන් කොවිජ නමැති දරු සිගිත්තාය.
දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇග සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබේ .
නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමග නිවස තුලට ගොස් තිබේ .
නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට ගෙන මිද්දෙනිය රෝහලට ඇතුළත් කර තිබේ .
මිද්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තාත්තගේ සහොදර, සහොදරියන් 9ක් ඉන්නවා තාම 9 දෙනාම ඉන්නවා, අපේ පවුලේ 5ක් අපේ දෙමාපියන්ට පින් අපි ගැන සෙවිල්ලෙන් හිටිය එකට, මේ වගේ නොසැලකිල්ල හින්දා නම් අපේ පවුලේ 5න් 1යි ඉතුරු. තාත්තගේ පවුලේ 9න් 2යි. දෙමව්පියන් වුනාම දරුවන් ගැන වගකීමක් තියෙනවා නැතුව සත්තු වගේ ළමයි වදලා විතරක් වැඩක් නෑ.
දරුවන්ගේ ජිවිත ගරන කිසිම වටිනාකමක් නොදන්න මෙහෙමත් මෝඩ අම්මාලා ඉන්නවාද?