
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සීගිරිය වන රක්ෂිතයේ ඇතැම් දේශපාලනඥයන් වරින් වර පුද්ගලයන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත.
එසේම සීගිරිය වන රක්ෂිතය ගැසට් කිරීමට පෙර පදිංචි අයගේ අයිතිය ආරක්ෂා කරන ලෙසටද කමිටුව නිර්දේශ කර ඇත.
ගැසට් කිරීමට පෙර පදිංචිව සිටි පදිංචිකරුවන් සහ ඊට පසු පදිංචි වූ පුද්ගලයන් පිළිබඳව කමිටුවක් පත් කර තොරතුරු සොයා බලා ඉදිරිපත් කරන ලෙස කමිටුවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
වන සංරක්ෂණ හා වනජීවී රක්ෂිතවල ඇති පෞද්ගලික ඉඩම් රජයට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි පරිසරය ස්වභාවික සම්පත් හා අතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට නිර්දේශ කර ඇත.
එසේම රටේ වන රක්ෂිතය සියයට 29.5 සිට 32 දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කරන ලෙසද එම කමිටුව නිර්දේශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීගිරිය වනසන දේශපාලන කෙරුමෝ කවුද?
Hafeel Monday, 22 July 2024 02:30 PM
මම රිෂාඩ් බදියුද්දීන් අවංකයි කියල කියන්න නැහැ. නමුත් එදා විමල් සහ මේ පොහොට්ටුවේ මන්ත්‍රීලා දොස් කිව්වේ රිෂාඩ් බදුර්දීන්ට. අද කොව්ද මේවාට වග කියන්න ඕනේ? රාජපක්ෂ බේබි කෙනක් සිංහරාජ රක්ෂිතය විනාශ කරලා හොටෙල් ඉදිරි කරලා තියන්නේ. එතකොටත් මේ කාර්බෝර්ඩ් දේශප්‍රේමිලා නිහඬයි. ඔවුන්ට ඕනේ වෙලා තියන්නේ ජාතිවාදය අවුස්සලා හෝ බලයට එන්න.
sena Monday, 22 July 2024 04:07 PM
මට හිතෙන්නේ සීගිරිය වෙන තැනකට අරන් යන්ට ඕනේ. ඔතැනට සීගිරිය හරියන්නේ නැහැ. ඔය වටිනා ඉඩම් ටික බෙදලා දාලා අපි සීගිරි ගල කඩලා කළුගල් වලට විකුණලා දඹාන පැන්තෙන් ඉඩමක් අරන් එහේ සීගිරියක් මැටි වලින් හදමු. එතකොට වටිනාකම අඩු නිසා හොරු එන එකකුත් නැහැ. අනාගත ළමයින්ට බලන්න විතර නේ ඕනෑ.
Perera Tuesday, 23 July 2024 10:39 AM
මේ යන විදිහට සීගිරිය කළු ගල් වලට කඩලා විකුනාවී වගෙයි