(අංජුල මහික වීරරත්න)
රට විනාශයට පත්කිරීමට නොව රට ගොඩ දැමීමට සියල්ලන්ම එකතුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මෙි රට ගොඩ නැගීමට සියල්ලන්ගේ සහයෝගය අවශ්‍ය කාලයක් බැවින් ඒ සඳහා පක්ෂ පාට භේද නොසලකා සියලුදෙනා එක්විය යුතු බව ද වජිර අබේවර්ධන මහතා කීය.
‘’සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
නිදහසින් පසු රට ගොඩනැගීම වෙනුවට පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට විවිධ දේශපාලන පක්ෂ හා නායකයන් කටයුතු කිරීම හේතුවෙන් අරාජික තත්වයට ඇදවැටී තිබෙන බවද එජාප සභාපතිවරයා කීය.
අරගලය නමින් නැවතත් විරෝධතා ව්‍යාපාරයන් හි නිරතවීමට උත්සාහ කරන අතර වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය එයින් කඩා වැටෙන්න හැකියාව ඇති බවත් ඩොලර් අර්බූදයක් ඇතිවී ඉන්ධන හා ගෑස් හිඟයක් මතු විය හැකි බවත් වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
අරගලය වැනි විරෝධතා ව්‍යාපාර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බවට සමහරුන් තර්ක කරන බවත් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් කර තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය. එහෙත් අදහස් ප්‍රකාශ කිරීමෙි අයිතිය වල්බූරු නිදහසක් නොවිය යුතු අතර සිංගප්පුරුව, ජපානය වැනි රටවලට එම මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇතැම් සීමා පනවලා තිබෙන්නේ යැයිද ඒ මගින් එම රටවල් සංවර්ධනය වී තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ දෙපිටකාට්ටුවො නැති හින්ද
මෙච්චර ලොකු දේවල් කියන්න දෙයක් නෑ, එ රට වල ඔයාල වගෙ අමන, කුහක, වංචනික දේශපාලුවො නා.. ඉන්න මිනුස්සුත් මොලේ කල්පනා කරල චන්‌දෙ දෙනව.
ප්‍රධානම හේව ප්‍රතිපත්ති ගරුක පාලකයෝ ඉන්න එක , පාලකයො බුද්ධිමත් රට ගැන හිතල වැඩ කරනව හොරකන් කරන්නෙ නැහැ.
පිස්සුද හලෝ, ඒවා රට හොරා කාපු අයට කියන්න.
වාසනාවට ඒ රටවල්වල වජිර වගේ හොරුන් ආරක්ෂා කරන දේශපාලුවෝ නැහැ. එකයි වෙනස.
හැමෝම කියන්නේ අනිත් අය ඇවිත් එයාලට එකතු වෙන්න කියල. ඇයි කියන අයට ගිහින් අනිත් අයට එකතු වෙන්න බැරි? තමුන්ට බැරි ඇයි ගිහින් අනිත් අයට එකතු වෙන්න?
උබල වගේ එවුං ඒ රටවල් වල නැති නිසා.
ඒ රටවල් දෙක විතරක් නෙවෙයි. වියට්නාමේ, කොරියාව වගේ රටවලුත් දියුණු වෙලා තියෙන්නේ තමුසෙලා වගේ දෙපිටකාට්ටු හොරු නැති නිසා. ඒ රටවල මහජන දේපොළ මංකොල්ලා කන දේශපාලුවෝ නැති නිසා. තමුසෙලා වගේ පිංගුත්තරයොයි, තමුසෙගෙ මහ එකා වගේ පාදඩයොයි නැති නිසා. කපුටා වගේ කොමිස් කාක්කො නැති නිසා. තව කියන්නද?
අයියෝ ඔව් වජිර. මේ රට දියුණු නොවෙන්න හේතුව ඔහේ වගේම ඉන්න අනිත් පිරිස. මේ අමන කාලකන්නි දේශපාලකයෝ මේ රට කෑව. ඔහෙත් ඒ වගේම අපතයෙක් බව රටම දන්නවා.
එහේ දේශ පාලුවෝ නැහැ. උත්තරේ සරළයි.
As it closing down of Government Institutions . !!!
නොදන්න මඟුලකුත් නැහැ ඒත් කරපු මඟුලකුත් නැහැ. ජපානේ දියුණු වුණු හැටි ජපානෙට වඩා හොඳට දන්නවා. සිංගප්පූරුව දියුනු වුණු හැටි ලී ක්වාන් යූටත් වඩා හොඳින් දන්නවා ඒත් මෙහෙ හිඟා කනව.