IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ)
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස  ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට  ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇත්තේ 1998 වර්ෂයේ සිට 2023  වර්ෂය දක්වා කාලයේදී බව එම වාර්තාව සඳහන් කරයි

මේ අතර කොළඹ රීජ්වේ  ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද  අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය  යටතේ  කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද  2023  වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද අපේක්ෂා රෝහල සඳහාවූ  පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහක් පැවති  බවත්  2022 හා 2023 වර්ෂයන්හිදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවත්  විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.



අදහස් (1)

සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ

නිසල් Thursday, 06 February 2025 07:06 AM

ඔය පරිත්‍යාග වශයෙන්‌ ලැබෙන ආධාර මුදල්‌ සෘජුව ලැබෙන්නෙ රෝහලට. රෝහල්‌ වල අධ්‍යකෂ නනතුර සහ පරිපාලනය හොබවන්නෙ වෛද්‍යවරු. බහුතර දොස්තරල කැමති නෑ රජයේ රෝහල්‌ වල බෙහෙන්‌ තියෙනවට සහ දියුණුවෙනවට. එහෙම උනොත්‌ එයාලගෙ පුද්ගලික රෝහල්‌ වල කරන සැත්කමි බෙහෙත්‌ විකිනීමි ආදිය බහුතරයක්‌ අඩු වෙනව. ඒ නිසා ඕවගෙන්‌ ප්‍රයෝජනයක්‌ ගන්නෙ නැතුව අත ඇරල දානව. දේශපලකයො විතරක් නෙවෙයි මෙවැනි නිලධාරීනුත් වග කියන්න ඕනි. ඒ වගේම තව දෙයක් තම රෝහල් වල ගෙනියන වෛද්‍ය ඒකාධිකාරිය. රෝහලක අධ්‍යක්ෂ තන්තුරු ලැබීමට තිබෙන සුදුසුකම තමයි මූලික උපාධියක් තිබීම. ඒක තමා බහුතර වෛද්‍යවරු සහ GMOA ඒක හෙදියන්ට සහ සම සෞඛ්‍ය පිරිස් වලට දැනට ලබා දෙන ඩිප්ලොමාව උපාධියක් දක්වා ඉහල දමනවාට විරුද්ධ. එහෙම උනොත් ජ්‍යේෂ්ඨත්වය අනූව හෙද සහ සමසෞඛ්‍ය පිරිස් වලට උනත් රෝහල් අධ්‍යක්ෂ තනතුරු වලට එන්න පුලුවන්. එහෙම උනොත් මෙයාල මෙහෙම ගෙනියන දෙබිඩි පිලිවෙත් නැති වෙනව.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති
2025 මැයි මස 07 40 0

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 863 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 218 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1267 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site