
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය අතහැර ගිය නිලධාරීන් 1121 දෙනකුගෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් අය කර ගැනීමට අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
ඉන් රුපියල් කෝටියකට වැඩි ණය ශේෂ වසර පහකට වැඩි පැරණි ඒවා බවද එහි දැක්වේ.
ණය ශේෂ වසරක් පාසා අඛණ්ඩව වැඩි වී තිබූ අතර එම ණය අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පවසන්නේ නිලධාරීන් හට දැනුවත් කිරීම ග්‍රාම නිලධාරීන් හරහා දැනුවත් කිරීම ප්‍රදේශයට අයත් පොලිසිය දැනුවත් කිරීම සහ ඇපකරුවන් දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් ණය ශේෂ නිරවුල් කිරීමට කටයුතු කරන බවයි.
ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරමින් ණය ශේෂ කර ගැනීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය අමාත්‍යාංශ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2023 විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ව අල්ලා දඬුවම් කරන එක මහලොකු දෙයක්ද?
අපොයි ඒකට මොකද ?අපිට තව තව බදු ගහන්න.අදාළ නිලධාරීන්ට තව නඩු ගන්න දෙන්න