IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෞඛ්‍ය සේවයෙන් ගිය නිලධාරීන් 1121ක් කෝටි 3ක ණය ගෙවා නෑ

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  සේවය අතහැර ගිය නිලධාරීන් 1121 දෙනකුගෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් අය කර ගැනීමට අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ

ඉන් රුපියල් කෝටියකට වැඩි ණය ශේෂ වසර පහකට වැඩි පැරණි ඒවා  බවද  එහි දැක්වේ.

ණය ශේෂ වසරක් පාසා අඛණ්ඩව වැඩි වී තිබූ අතර එම ණය අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පවසන්නේ නිලධාරීන් හට දැනුවත් කිරීම ග්‍රාම නිලධාරීන් හරහා දැනුවත් කිරීම ප්‍රදේශයට අයත් පොලිසිය දැනුවත් කිරීම සහ ඇපකරුවන් දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් ණය ශේෂ නිරවුල් කිරීමට කටයුතු කරන බවයි.

ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරමින් ණය ශේෂ  කර ගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය අමාත්‍යාංශ  ප්‍රධානීන්ට  නිර්දේශ කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  2023 විගණන වාර්තාවේය.



අදහස් (2)

සෞඛ්‍ය සේවයෙන් ගිය නිලධාරීන් 1121ක් කෝටි 3ක ණය ගෙවා නෑ

Mohan Monday, 04 November 2024 08:03 PM

ඔවුන්ව අල්ලා දඬුවම් කරන එක මහලොකු දෙයක්ද?

:       0       0

Latha Tuesday, 05 November 2024 09:39 AM

අපොයි ඒකට මොකද ?අපිට තව තව බදු ගහන්න.අදාළ නිලධාරීන්ට තව නඩු ගන්න දෙන්න

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site