IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞඛ්‍ය සේවකයන් අතර අර්බුද ඇති කිරීමේ වැඩක්

(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවයේ සමගිය බිඳීමට සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය එම සැලැස්මේ අරමුණ සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වසා ගැනීම බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා අද (10) පැවසීය.

සෞඛ්‍ය සේවයේ එක පාර්ශවයකට පමණක් වැඩි සැළකිල්ලක් දැක්වීමෙන් සෞඛ්‍ය සේවයේ වෘත්තීන් අතර සැළසුම් සහගතව අර්බුදයක් නිර්මාණය කිරීමේ උත්සහයක් ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය නිලධාරියෙක් වීම නිසා අමාත්‍ය මණ්ඩලය තුළ ඔහුගේ මැදිහත්වීම පක්ෂග්‍රාහි වන බවත් කුමුදේෂ් මහතා කීය.

දේශපාලන කොන්ත්‍රාත් ගන්න ඇතැම් අයගේ හැසිරීම වෛද්‍යවරුන්ට පමණක් සැළකිල්ලක් දැක්වීමෙන් තහවුරු බව කී ඒ මහතා එක පැත්තකින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් අතර සමගිය, විවිධ කාර්යමණ්ඩලවල ගෞරවය කෙලෙසන ප්‍රකාශණ සිදු කිරීම සහ ඒවාට විශාල ප්‍රවෘත්තිමය වටිනාකමක් දීමත් එම කුමන්ත්‍රණයේ කොටසක්ම බව ද සඳහන් කළේය



අදහස් (5)

සෞඛ්‍ය සේවකයන් අතර අර්බුද ඇති කිරීමේ වැඩක්

Sk Wednesday, 10 January 2024 04:42 PM

ප්‍රොෆෙසර් කුමුදේශ් සෞඛ්‍ය ඇමැති කරමු...

:       2       24

Lal Wednesday, 10 January 2024 10:31 PM

ගොඩේ ජෙප්පන්ගේ ලේවල තියන කුහක කම ඉරිසියාව හොඳට පේනවා

:       0       1

Bamunuarachchi Thursday, 11 January 2024 04:10 AM

මොවුන්ට දීමනා දුන්නොත් සකල රජයේ සේවක උන්දැලා 35000 දීමනාව ඉල්ලනවා. එමනිසා මේ පිටින් දාලා වැඩිකළ ගෙවන්න සුදානම් උන 35000 නවත්තන්න. ගෙවන්න බැරිවෙන්නේ අනික්සෞඛ්‍ය කාරයෝ විරුද්ද නිසා කියලා උන්ව කොටවලා වැඩේ ඉවර කරන්න. අනික රජයේ ඉන්න ගොන් මැට්ටෝ දන්නේ නැද්ද එකෙකුට දුන්නොත් හැතිකරේම ඉල්ලන බව.

:       1       1

Ruvan Thursday, 11 January 2024 07:25 AM

සෞඛ්‍ය ඇමැති ව්‍යිද්‍යවරයෙක් වීම හොඳයි කියපු අයම දැන් කියනවා ඒක හරි නෑ කියලා. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති වුණාම ඕවා කිව්වේ නෑ. මේ කට්ටියම එකයි. තමන්ගේ වැඩේ විතරයි ඕනෑ. දිවට ඇට නැති බව නම් පෙන්නනවා.

:       0       1

චන්දන Thursday, 11 January 2024 08:02 AM

සමස්ත රාජ්‍ය සේවයටම අඩු ගණනේ 20000 දිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳන් වැඩ කරන්න. වෛද්‍යවරුන්ට දීපු එක එපා කියන්න එපා...ඒකත් දීල අපටත් දෙන්න කියන්න. නැත්නම් කාටවත් මුක්ත්ම නැතිවෙයි. භේද ඇතිකරන විදියේ ප්‍රකාශ කරන්න එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site