(නිමල කොඩිතුවක්කු)
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.
ඉන් රුපියල් මිලියන 37.5 ක් සහනදායි ණය මුදලක් ලෙස ද රුපියල් මිලියන 12.5 ක් දීමනාවක් ලෙස ද ඉතිරි රුපියල් මිලියන 10 රජයේ අනුමැතිය යටතේ ද ලබාදෙයි.
ප‍්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය 2023 වසරේ නොවැම්බර් 30 දින අවසන් කිරිමට නියමිතය.
ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව යන පළාත් ආවරණය කරයි.
එම ප‍්‍රදේශවල ජනතාවගේ සමාජීය, භූගෝලීය සහ ආර්ථීකමය කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම තුළින් සෞඛ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම අරමුණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් නගරබද ජනතාවට මෙන්ම දියුණු හා නොමිලයේ ලැබෙන ආකාරයෙන් දියුණු කිරීම කරන්න. ග්‍රාමීය සෞඛ්‍ය ආයතනය වලට එන සායනික රෝගීන් සදහා පරීක්ෂණ පිටතින් අධික මුදලක් ගෙවා සිදු කර ගැනීමට සිදුව ඇත. මෙම රෝගීන් ඉතාම දුර්වල ආර්ථික ශක්තියක් සහිත අයවලුන් වේ.