විනීතා එම් ගමගේ
නිරෝධායන පනතේ පවතින බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙතෙක් පවරා නොතිබීම ඔවුන්ගේ රාජකාරිවලට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.
රඹුක්කන කඩිගමුවේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට අද මුහුණ දෙන්නට වූ සිද්ධිය ද එසේ බලතල නොමැති කමින් සුදුවූ පහරකෑමක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදිපයට පැවැසීය.
කේෂත්රයේ නිලධාරින් වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නිරෝධායන පනත යටතේ බොහෝ බලතල පැවරිය හැකි බවත් ඒපිළිබඳව අමාත්‍යවරියගෙන් මේ වනවිටත් ඉල්ලීමක් කර ඇතිබවත් උපුල් රෝහණ මහතා කීවේය.
කෙසේ වෙතත් කොරෝනා මර්දන සටනේ දී එකී බලතලවල අවශ්‍යතාවය පවතින බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉක්මනින් යම් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ බලතල පවරන්නේ නැත්තේ? ලෝකෙන් උතුම් රට!
මීට බොහෝ කාලයකට පෙර මේ දේ කිව්වා. දවසෙන් කරන්න පුළුවන් දේවල් මේවා.
අදාළ බලතල සියල්ල මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මහජන සෞඛ්‍ය සේවා නිලධාරින් වෙත පවරා ඇත. වෙනත් වෘත්තික කණ්ඩායම් සමග ඇති බල අරගලයන් කරලියට ගෙන ඒමට මේ අභාග්‍ය සම්පන්න මොහොත අවස්ථාවක් කර නොගත යුතුය !
තිබෙන බලතල හොඳටම ඇති , නමුත් ඒවා නිසි ආකාරව ක්‍රියාත්මක වෙන්නේ නැති එක ප්‍රශ්නයක් , පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවත් මහජන සෞඛ්‍ය පරික්ෂ්කලට ලැබෙනවා, මහජන සෞඛ්‍ය පරික්ෂකලට පහරදීමක් සිදුවන්නේ ඉතා කලාතුරකින් , මේගැන එපමණ කලබල වීමට අවශ්‍ය නැහැ .
නොතේරන දේ බාර ගෙන කොරන්න ගිහින් අනා ගෙන අල කරගෙන වගේනේ ? නොදන්නා දේ නොකරන් රාලේ කිවූවලු නේ ?
ජනතාවගේ පොදු මතය මේ ඇමතිතුමිය කරන කෙන්ගෙඩියක් නැහැ කියලයි. ඊයේ කතාවම දැක්ක නේද මුළු කතාවෙන් 3/4 ක් ම තිබුනේ සර් කියන වචනේ. මේ තමන්ගේ වගේම තමන්ගේ ල බැඳී යන්ගේත් ජීවිත අවදානමත් නොතකා මාහැඟි සේවයක් කරන මිනිස්සුන්ට බලතල දෙන්න බැරිනම් අඩු ගන්නේ දෙකයි දෙකේ පොලු කැලි ටිකක් හරි දෙන්න.