(සුජිත් හේවාජුලිගේ,ඩයනා උදයනංනී සහ ළහිරු හර්ෂණ)
කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) නිකුත් කෙරුණු අතර එම මාර්ගෝපදේශ වලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණක් බව සඳහන් වෙයි.
එසේ පිටවිය හැක්කේද අත්‍යවශ්‍ය රාජකාරි සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මේ අතර වැඩමුළු ,සන්නාම එළිදැක්වීම්, හමු හා සම්මන්ත්‍රණ යනාදිය තහනම් කර ඇත.
ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරේ.
මෙම මාර්ගෝපදේශ සංග්‍රහය අනුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්බාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දැමිය යුතුවේ.
කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීති රීතිවලට අනුකූලවය.
සුපිරි වෙළෙඳසල් සඳහා පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීරණ අද (18) සිට විවෘත කිරීම තහනම්ය.
සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද විනෝද සැණකෙළි ආදිය පැවැත්වීමටද අවසර හිමි වන්නේ නැත.
පෙර පාසල් පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් නිර්දේශ කර ඇත.
එසේම ආගමික ස්ථානවල ජනතාව ඒකරාශි වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමි නොවුණු ඇත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවම නගර, කඩසාප්පු වසාගෙන රජය තුට්ටුවකට මායිම් නොකර ඉදිරියටම යන නිසා..., මෙම ක්‍රියාව නරක අතට පෙරලෙයි කියලා බයටම ගත් තීන්දුවක්...!!!
ඇති යාන්තම්... අරයාට දැන් හරි මොළය පෑදුණ එක ලොකු දෙයක්...
මෙහෙම කියන එක සදාචාරාත්මක නොවෙන්න පුලුවන්... කියන්න තියෙන්නේ ඔය ගැසට් රෝල් කරලා ගහගන්න කියලා. ඔය ප්‍රෝඩාව තව කොපමණ කල් කරයි ද කියලා බලමුකෝ...
මේවා විහිලු. රැකියාවට යන අයට කොහොමත් යන්න වෙනවා. සංකීර්ණ වල ධාරිතාවයෙන් 25%ක් වුණාට රැකියා ස්ථානවලට එහෙම සීමාවක් දාලා නෑ. රැකියා ස්ථානවලින් බෝවෙන්නේ නෑ කියලයි මේ ගොල්ලන් හිතන්නේ...
නිකන් ලෝකෙට පේන්නේ බොරුව විතරයි. කිසිම ප්‍රායෝගික පැත්තක් නෑ...
ලංකාව, මහ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, නොවන නිසා සියලු සෞඛ්‍ය උපදෙස් ලංකාවේ ජනතාවට කියවීමට සිංහලෙන් ප්‍රසිද්ධ කරන්න.
ගෙවල් වලින් එළියට යන්නේ ... එක්කෙනා හෝ දෙන්නා රස්සාවට තමයි. එක්කෙනෙක් කියනවා තෙල් පිරිමහන්නලු. අනික කියනවා නිකරුණේ යන්න එපාලු එළියට... මේ අයට මේ කියාගන්න දෙයක් නැතිව... මුන් මරු කියවනවා...
ගෙදරින් යන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. බෙහෙත් ගන්නයි, අත්‍යාවශ්‍ය සේවා සඳහායි. එතකොට රෙදි සාප්පු ඇරලා තියෙන්නේ කාට භාණ්ඩ අලෙවි කරන්නද?
අපි තමයි හොඳටම කරන්නේ.. ඇයි අවුල්ද...?
කෙසේ වෙතත් මේ වෙලාවේ ඉතා හොඳ තීරණයක්.
ඇනස්ලි, බර්ටි කරපු දේ තමයි මෙයාලා දැන් කරන්නේ... රටේ කරුමේ කියන්නේ මෙයාලගේ විහිළු වලට දවසට මිනිස්සු සිය ගාණක් ආපහු නොඑන ගමන් යන එකයි.
මේ වගේ මෝඩ රැලක්. කොහොමත් එක්කෙනෙක් එළියට ගියාම ඇති ගෙදර ඔක්කොටම බෝ කරන්න.
මේ වගේ ඒවට තමා කියන්නේ, අතීසාරයට අමුඩ ගහනවා කියලා. මොනවා හරි දෙයක් කරා කියන්න කරනවා. කිසිම ඵලදායිතාවයක් නැ...
සර් එතකොට පොලීසියෙ මහත්තැන් කෙනෙක් අපේ ගේ ඉස්සරහ ඉන්දනවද අපේ ගෙදරින් එක්කෙනෙකුට වඩා එළියට ගියොත් අත්අඩංගුවට ගන්න?
ගෙදරකින් යන ගනණ බලන්න සෑර්ට බුද්ධි අංශ දාන්න වෙයි ගෙවල් ගානේ.
මේ තරම් තත්වයක් තිබිලත් දැන්ද මතක් වුනේ? එතකොට අර පාදෙනියගේ රජුන් රැවටූ කුමන්ත්‍රණ කතාව! දැන් දත්ත හරිද? එදාටත් වඩා බොරු නේද්?
මිනිසුනේ .. අපගේ බදූ මුදල් ඇතුළු බොහෝ දේ මේ රටේ සිටින දේශපාලනඥයන් ගිලදමා සුර සැප විඳින අයුරු ඔබ අප සැමට ඇස් දෙක හොඳින් තබාගෙන බලන්න හැකිනම්, පෙනේවි .මේ රජගෙදර ඇත්තන් පක්ෂ පාට කුමක් උවත්, බලන්න ප්‍රතිපත්ති වෙනස්කොට ඒ ඒ පැතිවලට පනිමින්, මුසා දෙසමින් රට හා අප රවටන්නට නීති වෙහෙසෙන අපූරුව. දේශපාලකයා රැවටිලි කාරයෙකි. හොරෙකි. තක්කඩියෙකි. රටේ අහිංසක නුඹ හා අපට එක නීතියකි. ඒ අයගේ අයට තවත් නීතියකි. මේවා හොඳින් දැන අපි අපගේ ජීවිත රැක ගනිමු. මාස්ක් දමමු. උගත් වෛද්‍ය අංශ වල උපදෙස් අනුව ක්‍රියා කරමු. ඉදිරියේදී මිය යන පිරිසට අප හසු නොවන්නට නම්,හැකි තරම් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු.
එකෙක් ගෙදරින් ගිහින් ඇවිත් මුළු පවුලටම රෝගය ගෙනෙන බව නොදන්නේද ? ලෝක් ඩවුන් කියන එක දේශපාලන විරුද්ධ වාදීන්ගේ වචනයක් ලෙස සිතන අඳ බාලයින් එය පිටු දකිනවා. මැරෙනවා පෙනෙන්නේ නැතිද ?
එතකොට පෙරහැරේ නටන්නයි චුඩා මානික්‍යය වැඳගන්නයි රොත්ත පිටින් ගියාට වැරද්දක් නැද්ද ?
රනිල් එක්ක කොෆී බිව්වාට පස්සේ මොලේ ටිකක් පෑදිලා වගේ
නිවසක දෙතුන දෙනෙක් රැකියාව කරනවනම්. යන කෙනා රෝගයත් අරන් ගෙදර එනවනම්. පාලනයක් නොමැති තැනට ව්‍යාප්ත උනාම මේ වැඩ විහිලුවක් නේද.