IMG-LOGO

‘‘සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් ගන්නවා‘‘

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි.

එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්, 2015 විපක්ෂ නායක තුමා පළමු වරට ඇමති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා අපේ පිල්මාරුව හින්ද තමයි ,නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ,

ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා, ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ .

සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා.මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා.

 



අදහස් (19)

‘‘සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් ගන්නවා‘‘

sam Wednesday, 05 April 2023 01:02 PM

දේශපාලන හිඟන්නෝ.

:       0       1

කිරිපුතා Wednesday, 05 April 2023 01:20 PM

අනේ ඔව්...තව නැවක් දෙකක් ගන්න බැරියෑ

:       0       1

surain Wednesday, 05 April 2023 01:31 PM

ජනතාව ඔයාට චන්දෙ දුන්නේ ඉල්ලපු පක්ෂය මුල් කරගෙනයි .ඔයාට ඕන ඕන විදියට නටන්න නෙමෙයි .තව දුරටත් ජනතාව අන්දවන්න බයිලා කියන්නේ නැතුව යනවා නම් යන්න .ඔයාට ඊළඟ චන්දෙදී පිළිතුරු ලැබේවි

:       0       1

යෝගා Wednesday, 05 April 2023 01:36 PM

මේ සැරේ ටාර්ගට් එක කෝටි කීයක්ද..?

:       0       1

sam Wednesday, 05 April 2023 01:51 PM

සෞඛ්‍ය ඉල්ලන්නේ හොඳට ගහන්න .මෙයාගේ අතීතයේ ඉඳලම බලපල්ලා.ඉස්සෙල්ලම බාල සිලින්ජර් ගෙන්නලා මාට්ටු වෙලා දේශපාලන ඇඳුනුම් කම් වලින් බේරුනා .සෞඛ්‍යයෙන් කෝටි ගන්න හොරා කාපු එකා ආයිත් හොරා කන්න ලේසි නිසා තමයි ඔය ඉල්ලන්නේ .මූව පැත්ත පළාතේ ගන්න එපා

:       0       1

රෝහිත Wednesday, 05 April 2023 02:36 PM

මේ නැව් ගිලපු එකාට....?

:       0       1

fairoos Wednesday, 05 April 2023 02:50 PM

මෙහෙමත් කාලකන්නි

:       0       1

Buddika Wednesday, 05 April 2023 02:59 PM

මේ මිනිහා එක පක්ෂයකින් චන්දෙ ඉල්ලලා ඒ පිහිටෙන් පාර්ලිමේන්තු ඇවිත් එකට පයින් ගහලා තනතුරු ,බලය වෙනුවෙන් ආණ්ඩුවට එක්වෙන බල ලෝභී කෑදර කෙනෙක් .මෙහෙම අපතයෝ දේශපාලනයෙන් ඉවත් කල යුතුයි

:       0       0

විපරමා Wednesday, 05 April 2023 04:37 PM

මහින්දයා ගේ දෑත් සක්තිමත් කරන්ඩ ගිහින් තමුන් කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි.. .ආත්මාර්තකාමි බලලෝබි දූෂිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .

:       0       0

ගනේගොඩ Wednesday, 05 April 2023 05:11 PM

දෙන්න තමයි බලාගෙන ඉන්නේ .. වරෙන් , බැහැපන්කො එලියට ! ! !

:       0       0

gunda Wednesday, 05 April 2023 06:02 PM

නොදකින් නොදෝමකින්

:       0       0

දාස Wednesday, 05 April 2023 06:28 PM

අධිකරනයෙ තියෙන නඩුවත් විභාගවෙනකොට මිනිහට කට උත්තර නැතිවෙනව , හොදම දේ මේ රටේ හැමදාම වෙනවිදියට 134 දෙනාගෙ පැත්තට පනින එක තමයි. මේ තමයි මේ රට කාපු සිස්ටම් එක

:       0       0

de silva Wednesday, 05 April 2023 07:11 PM

ජීවිතයට චන්දයක් දිනලා නැවත පාර්ලිමේන්තු යන්න බැරි නිසා ,දේශපාලන ජීවිතේ අවසන් මාස කිහිපයේදී ඇමතිකමක් අරන් තව ටිකක් ගරාගන්න කල්පනාව.අපි ඕවට අහු වෙන්නේ නැහැ

:       0       0

Vipuli Thursday, 06 April 2023 01:13 AM

ලංකාවේ පාර්ලිමේන්තුවේ තියෙන ලොකුම කුණු බෑග් එක. මොහුට ගාලු මුවදොර පිටියේ ප්‍රසිද්ධියේ කස පහර දිය යුතුය.

:       0       0

Kumara Thursday, 06 April 2023 01:41 AM

තොපි මැරිලා යන්නේ නැති හැටි .උන්ගේ කාලකන්නි කම තමයි

:       0       0

Demuni de Silva Thursday, 06 April 2023 05:54 AM

පුරුද්දක් ලෙස ඔබ අස්ථායී සහ අවිනිශ්චිතයි!

:       0       0

Perera Thursday, 06 April 2023 06:09 AM

ප්‍රතිපත්තියක් ආත්ම ගෞරවයක් නැති මෙහෙම දෙපිටකාට්ටු සෙවල දෙපැත් නයින්ව ජනතාව ගහලම පන්නන්න ඕන

:       0       0

ලෙඩා Thursday, 06 April 2023 06:13 AM

ඔහේගේ වටිනා වාහනේ විකුණලා බණ්ඩාරගම ඉස්පිරිතාලෙට උපකරණ අරන් දෙන්න පුලුවන්ද?

:       0       0

LGPJ Thursday, 06 April 2023 06:54 AM

ඔවු ඔබ ඉතාම සුදුසුයි මේකට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1099 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site