(චමිල් රූපසිංහ)
ලෝක සාවාරියක යෙදෙන MSC Magnifica නෞකාව හෙට (6 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තමන්ව නැවතත් ශ්‍රී ලංකාවට බාරගන්නා ලෙස එම නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා ආයාචනා කර සිටී.
තමන් සේවය කරන නෞකාව 6 වැනිදා කොළඹ ආසන්න මුහුදු සීමාවට පැමිණෙන බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට බාර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණිකව ආයාචනය කරන බව ඔහු පවසයි.
මෙම නෞකාවේ මගින් සංඛ්‍යාව 2700 ක් පමණ සිටින බවත් එහි සිටින එකම ශ්‍රී ලාංකිකයා තමා බවත් ලෝක සවාරියක් සඳහා මෙම නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් ලෝකයේ හට ගෙන ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමිමට සිදුවු බව ඔහු සඳහන් කරයි.
ලෝකයේ කිසිදු රටක වාරයකින් මෙම නෞකාව බාර නොගැනීම නිසා මෙම නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් විම සදහා ගමන් ආරම්භ කර සිටී. මේ වන විට දින 25 ක් ක කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටිති. මෙම නෞකාවේ කිසිදු කොරෝනා වයිරස් තත්වයක් හටගෙන නොමැති බවත් ඔහු සඳහන් කරයි.
මෙම නෞකාවට ඉන්ධන සපයා ගැනීම සඳහා අප්‍රියල් මස 6 වැනිදා (හෙට) අලුයම 6.00 ට පමණ ශ්‍රි ලංකාවට ආසන්න මුහුදේ පැය 3 ක පමණ කාලයක් පැමිණ රැඳී සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව බාර ගන්නා ලෙසත් අනුර බණ්ඩාර හේරත් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
මෙම අවස්ථාව මඟහැරී ගියහොත් නැවත යුරෝපයට ගියායින් පසුව මෙරටට පැමිණිම ඉතාමත් අපහසු වන බැවින් තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක දෙකක් හෝ නිරෝධායනයට යොමු විමට කැමැත්ත ප්‍රකාශ කර සිටින බවත් ඔහුගේ ආයාචනාවේ සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට කිසිදු කරදරයකින් තොරව මව්බිමට පා තැබීමට හැකිවේවා යන්න අප ප්‍රර්ථනා කරන්නෙමු. !! එමෙන්ම නෞකාවේ සිටින සියලුම මනුස්යන්ට යහපතක් වේවා නිදුක් නිරෝගී වේවා !!!
මොහුට උදව් කල හැකිනම් ලොකු දෙයක්.
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මොහුව ලංකාවට බාරගන්නා ලෙසයි.
අපේ කොල්ලෙක්. එයාව අරගෙන කන්දකාඩු යවමු අහිංසකයා.
මේ රටට විදේශ විනිමය ගේන අපේ කොල්ලෙක්. හෙලිකොප්ටරයකින් ගිහින් අරන් එන්න පුළුවන් ලේසියෙන්ම.
ජනාධිපති තුමාගේ අවධානය යොමුවේවි. රුසියාව නම් තමන්ගේ ජාතියට රටට එන්න කියලයි කියන්නේ.
ගොඩබිමේදී පරෙස්සම් වෙන්න.
" උට්ඨානවතෝ සතිමතෝ, |".......... මේ අපේ ස්වභාවධර්මයට පටහැනිව, ක්‍රියාකළ අයට දෙන දඬුවම තමයි. පුතා ,අනුර බණ්ඩාර හේරත්, ඔයාගේ උත්සාහය ,සිහිය නිවැරදිව තියාගන්න, ඔයාට සහනයක් ලැබේවි මගේ ප්‍රාර්ථනය එයයි නිදුක් වේවා!.. නීරෝගි වේවා!! සුවපත්වේවා!
ලෝකයේ කිසිදු රටක වාරයකින් මෙම නෞකාව බාර නොගැනීම නිසා මෙම නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් විම සදහා ගමන් ආරම්භ කර සිටී. අති භයානකයි .
කරුණාකර මේ කොල්ලා බේරා ගමු , මේ කොල්ල විනෝදයට රවුම් ගහන්න ගිහින් නොව කියක් හරි හම්බකරගෙන රටට විදේශ විනිමය ගෙන එන්න ගිය අසරණ කොල්ලෙක් ,
ඒ පුතාව ශ්‍රී ලංකාව තුළ ට ගේන්න. ඔහුට ද නැවේ සෙසු සියළුදෙනාට ද කරදරයක් නොවේවා! තෙරුවන් සරණයි!
ජනාධිපතිතුමනි, හමුදාපතිතුමනි, ඔහු අසරණ වෙලා ඉන්නේ ඔහුට පිහිට වෙන්න .
බොහොම කාරුණික ඉල්ලීමක් කරලා තියෙන්නෙ. මොහුව අරගමු
ජනපති තුමනි ඔය නැවේ ලෝකේ ලොකු රටවලින් පැමණි ධන කුවේරයෝ සිටියත් කවුරුවත් ඔවුන් භාර නොගන්න නිසා හැමෝම උඩ බලාගෙන ඉන්න කොට , අසරණ වුන අපේ පුරවැසියෝ අපි බේරාගන්නේ මෙහෙමය කියල උන්ට පෙනෙන්න ගුවන් හමුදා හෙලිකොප්ටරෙකින් ගිහිල්ල අපේ කොල්ලව අපි අරගෙන එමු. හෙලිකොප්ටරයක් නැතිනම් ඔය පැත්තේ තිබෙන ඩෝරා එකක් හරි යවමු . අපි විනොදෙට සිරිපාද කැලේ ඇවිදින්න ගිහින් අතරමන් වුන මිනිස්සු බේරගන්න පවා හෙලිකොප්ටර් යවනවා , එහෙම එකේ මේ කොල්ලව බේරාගමු
අතිශය මානුෂික ඉල්ලීමක් ඔබේ බලාපොරොත්තු ඉටුවේවි දිරිය අරන් ඉන්න
මෙහි නීතිමය තත්වය බලන්න නෙවෙයි .
ලංකාවට ගන්න පුලුවන්නම් පිං...
නැවෙන් දෙනවනම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමතිනම් ඔක්කොම ගන්න පුළුවන්නේ. දින 25 ක් නැවේ හිටියනම් කාටවත් කොරෝනා වැලදී නැත්නම් හැමෝම නිරෝගී බව සනාථ වෙනවා.