
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත් තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාව තුළ සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
රොන් ජෙනරේෂන්ම තමයි. ඒ වගේම එකක් ෂුවර්. මේ සෙක්ස් සොයන්නන්ගෙන් වැඩිදෙනා සිස්ටම් චේන්ජ් කාරයින්.
ඒක වෙන්න ඇති නයිට් ක්ලබ් දාන්න ඕනෑ කියලා පාර්ලිමේන්තුවේ මොර දෙන්නේ... තව ගංජාත් එකතු වුණා නම් හොඳට තියේවි. රටේ ගන්න දෙයක් නැහැ...
තමන්ගේ බිරින්දෑවරු රට පටවා මෙහෙ ඉඳන් ඔන්ලයින් මේවා බලනවා. ලක්ෂ 10කට වඩා විවාහක කාන්තාවන් මැදපෙරදිග ගිහින් තියෙනවා.
ගැහැණු ටික තවතව පිටරට පටවන්න. මෙහෙ අය එතකොට ඒවා බලබලා සැනසෙයි. ඔවුන් පිටරට වෙන්දේසි කරනවා. ආසියාවේ ඓශ්චර්යයයි. හැමටම සුබ අනාගතයක්...!
මිනිස්සු අන්තර් ජාලයේ sex ගැන හොයන එක ලංකාවට පමණක් පොදු වූ කරුණක් නෙමේ. ලෝකයේ අනෙක් රටවල මිනිස්සු Sex ගැන හොයන්නේ "porn" කියන යෙදුම භාවිතා කරලා. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ අන්තර්ජාල සාක්ෂරතාව අඩු නිසා ඔවුන් Sex ගැන හොයන්න දන්න යෙදුමවත් දන්නේ නැහැ. මේක අපේ රටේ මිනිසුන්ගේ අන්තර්ජාල දැනුම පිළිබඳ ප්‍රශ්නයක් මිස, ලෝක වාර්තාවක් නෙමේ. Sex කියන්නේ ලිංගිකත්වය. මේ යෙදුම අන්තර්ජාලයේ යෙදුවට මිනිස්සු හොයන දේ ලැබෙන්නේ නැහැ. එක අතකින් අපේ මිනිස්සු පව්.
මෙම ක්‍රියාව එම ප්‍රදේශවල බහුලවීමට පදනම් වූ කාරණා ගැන විමසා බැලීමයි විය යුත්තේ... එය යම් සමාජීය කරුණක් හේතුවෙන් විය හැකියි. එය සොයාබැලීම විනා කුණු රසය විඳීම නොවෙයි කළයුතු වන්නේ...
සෙක්ස් ගැන හොයන ව්ක වැරැද්දක්ද ? සෙක්ස් කියන්නෙත් කෑමබීම ඇදුම්පැලදුම් වගේ මිනිස් අවශ්‍යතාවක් ඒක නිකන් මහලොකු දෙයක් ටැබූ දෙයක් කරන් දගලන බොරු සදාචාරවාදීන්ට තමා වැඩිපුරම සෙක්ස් ඇරියස්.උදාහරණ ඕන තරම් ලන්කාවෙ ආගමික සන්ස්ථා ඇතුලෙ කොච්චර ලින්ගික අපචාරද ? සමාජයට මගේ දුවේ කියල ලිපි ලියන මහාචාරියො පොඩි කෙල්ලො පෙරේතයො .අනික ඔය ඉස්සර එහෙම නෑ දැන් තමා සෙක්ස් ඇරියස් කියන උන්ට මතක නෑ ඉස්සර කාලෙ උන දේවල්.
මේවාට ඇතැම් ආගමික ස්ථානත් සම්බන්ධ වෙලා ඇති බවත් ඉතා සතුටින් දැනුම් දෙමු...
ගුගල් එක මොකටද මේවා එලියට දෙන්නේ. කැත වැඩ. රටේ මිනිස්සුන්ට තියෙන උග්‍රම ප්‍රශ්න වෙනුවෙන්නේ මිනිස්සු අන්තර්ජාලයෙන් හරි විසඳුමක් හොයන්නේ.
මොනවාහරි දේකින්.. පළවෙනියා වෙන එකත් හොඳයි ඉතින්...
ලංකාවේ උන්ට තියෙන එකම සතුට.