(පුෂ්පකුමාර ජයරත්න)
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) සවස් වනවිට කාන්තාවන් 45 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර , අඹන්පොළ , පොල්ගහවෙල , පොල්පිතිගම , හිරිපිටිය , රිදීගම ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
මේ හේතුවෙන් රෝහල තුළ අධික තදබදයක්ද ඇතිවී තිබෙන ආකාරයක් දැකගත හැකිවිය.මාධ්‍ය මගින් දැනුම්වත් කිරීම හේතුවෙන් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කිරීමට කාන්තාවෝ රෝහලට පැමිණෙමින් සිටිති.
ඔවුන් හැඬූ කඳුළින් තම පැමිණිලි ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ අතර ඔවුහු ඒ සඳහා සාක්ෂි සටහන් ලෙස ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු සඳහන් රෝග විනිශ්චය කාඩ්පත්ද ඉදිරිපත් කළහ.
කාන්තාවන් කීපදෙනෙක්ම එම වෛද්‍යවරයා අතින් සිසේරියන් සැත්කම් වලට භාජනය වීමෙන් පසුව දරුවන් නොලැබීම මෙන්ම වෙනත් ශාරීරික අතුරු ආබාධ වලට තමන් ගොදුරුවී සිටින බවට හඬා වැටෙම්න් ප්‍රකාශ කළහ.
මෙම පැමිණිලි වලදී විශේෂ අවධානයක් යොමුවූයේ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමට ලක්කිරීමෙන් පසුව සම්පුර්ණයෙන්ම අන්ධ භාවයට පත්වූ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණ කාන්තාවක් සම්බන්ධයෙන්ය.
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 2010 වසරේදී තමන්ට සිසේරියන් සැත්කම කළ බවද එම සැත්කමට පෙර "වෙල්කම් ඩ්‍රින්ක් " එකක් බව පවසමින් ඉතාම තිත්ත රසැති කොළ පැහැයෙන් යුත් බීමක් තමන්ට බීමට දුන් බවද ඇය ප්‍රකාශ කළාය .
එම බීමෙන් අනතුරුව තමන්ට වසර තුනක් යනවිට තම දෑසම සම්පුර්ණයෙන්ම නොපෙනී ගිය බවද වෛද්‍ය පරීක්ෂණ වලින් පවා මේ වනතෙක් ඊට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව කියන ඇය දෑස් නොපෙනීමට සහ ඉන් පසුව තමන්ට දරුඵල නොලැබීමට හේතුව ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා බවට සැකකරන බවද සඳහන් කළාය.
මෙසේ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් සියලුම දෙනා තරුණ වයසේ පසුවන එක් දරුවෙකු පමණක් සිටින මව්වරුන් වූ අතර ඔවුන් සියලුම දෙනා තම සැත්කම් වලට අදාල වෛද්‍ය වාර්තාද රැගෙනවිත් සිටියහ.
මෙසේ පැමිණිලි ඉදිරිපත් කරන පිරිස තවත් ඉහළ යා හැකි බවද එම පැමිණිලි සියල්ලම බාර ගැනීම සඳහා උසස් නිලධාරිනියකගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවද රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර 2010 ඉඳන් තනියම වැඩේ කරලා.. වසර 9ක් වෙලත් කවුරුවත් දන්නේ නැතිවම වෙල්කම් ඩ්‍රින්ක් එක තනියම හදාගෙන...
මේවට වගකියන්න අනෙක් අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද?
දෙයියනේ මිනිස්සු මේ අයට කරපු වැරැද්ද මොකක්ද මේ තරම් නපුරු වැඩ කරන්න .................. සහජීවනය කියලා අපිට මුන් කලේ මේකද??
මෙවන් උතුම් රටක් කාලකන්නි කිරීමේ පාපය මේ මුළුමහත් සංසාරයේදීම ගෙවාවි.. ඒ වගේම මේවට කිසිම කෙනෙක් අනුබල දෙනවා නම් ඒ පාපයත් ගෙවාවි.. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕනේ.. මේ වෛද්‍යවරයා සම්බන්ධ වෙලා ඉන්න දේශපාලකයින්ව ප්‍රශ්න කරන්න ඕනේ.. මොහුව රැකගන්න කිසියම් කෙනෙක් උත්සාහ කළොත් ඔහුටත් ජනතාව දඬුවම් කළ යුතුමයි.. වඳබෙහෙත් නැතැයි කියපු අය ගැන හොයන්න ඕනේ.. කොහොම වුණත් මින්පසු සිංහල ජනතාව දැනගන්න ඕනේ... ඔවුන් ඉදිරියේ තියෙන අනතුර.. අපි එකතු වෙන්න ඕනේ.. මොන තරාතිරමේ වුනත් සිංහලයාට සිංහලයා උදව් කළ යුතුමයි. දැන්වත් එකතු වෙමු..
රටේ ආරක්ෂාව තදබල ලෙස බිඳ වැටී ඇත. සියලුම දේශපාලකයන් මේ ඇතිවී තිබෙන සංකීර්ණවූත්, බිහිසුණුවූත් තත්වයට මුළුමනින්ම වගකිව යුතුය. දැන්නම් මේ රටට සිංහල ජාතිකවාදී නායකයෙක්ගේ අවශ්‍යතාව වඩාත් තදින් දැනේ...
පැමිණිලි මීට වඩා බොහෝ සෙයින් වැඩිවනු නොඅනුමානයි
මේ මව් වරුන්ට නැවත දරුවෙක් හද ගැනීමට (IVF මගින් ) අරමුදලක් ආරම්භ කල යුතුයි
මට හිතෙන්නෙ දේශපාන ගේමක් වගෙයි ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ ඈත්ත දෑනගන්න නම් එකෙක් වත් ශුවර් නෑහෑ දේශපාලකයෝ
කොහොමද ලැබුණු ඡන්ද වලට සිංහල කාන්තාවෝ ගෙවන වන්දිය.