
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.
පල්ලේ කැලේදී හමු වූ ඩිෆෙන්ඩරය ජයශ්‍රී උයන ප්‍රදේශයේ නිවසක නවතා තිබූ එකලස් කරන ලද බව කියන ඩිෆෙන්ඩර් රතයක් බව පොලීසිය කියයි.
එම සැකකටයුතු ජීප් රියේ හිමිකරු බව කියන 49 හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු පොලිසියට බාර වී ඇති බවද කියයි.
අනෙක් ජීප් රථය උඩදුම්බර උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක් තුළ නවතා තිබියදී සොගෙන ඇති අතර අදාළ නිවෙස් හිමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පාසා ඇත්තේ මීට මාස හයකට පෙර ඔහුගේ නිවසේ පැවති පිරිතකට සහභාගිවීමට පැමිණි හිමිනමක විසින් එම ජීප් රථය නවතා දමා ගිය බවයි.
එම ජීප් රථයේ සවිකොට තිබූ අංකය ඔස්සේ සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කුරුණෑගල ආඳාගල ප්‍රදේශයේ එම අංකයට ලියාපදිංචි තවත් ජීප් රථයක් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන, ඔහොම යද්දී අර ෆේල් හාරසීයක් පුරවලා තියන ඩබල් කැබ් එක හම්බවෙයි. එහෙම වුණොත්... මළකෙළියයි...