IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සැකකරුවන් මාරු කළ පොලිසියේ හතරකට වැඩ වරදි

(එමි.කේ.නන්දසේන සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කළ වියළි කංසා තොගයක් සමග එහි සිටි නිලධාරීන් වෙනුවනට වෙනත් හතර දෙනකු ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසියේ සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.

යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ලුණුගම්වෙහෙර පොලිසිය වෙත බාරදි ඇත.

ගංජා සමග අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන් මුදාහැර ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් 4 දෙනෙකු සැකකරුවන් ලෙස ඉදිරිපත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.  මෙම සිද්ධියට අදාළ ලුණුගම්වෙහෙර පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙ‍ෙකුගේ සේවය අත්හිටුවා ඇත.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් කැබ් රථයකින් ඉකුත් ජනවාරි මස 9 වැනි දින රාත්‍රි 10 පමණ  වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ලුණුගම්වෙහෙර පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.   අත්අඩංගුවට ගනු ලැබූ සැකකැරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ලුණුගම්වෙහෙර පොලීසියට බාර දුන්නේය.

වනජීවී නිලධාරීන්ගේ බලවත් ඉල්ලීම මත එම නිළධාරීන් මුදාහැර ඒ වෙනුවට ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන වෙනත් පුද්ගලයන් 4 දෙනකුට ඇප ලබාගත හැකිවනසේ ගංජා කිලෝග්‍රෑම් 13ක පමණ ප්‍රමාණයක් සමග ඉදිරිපත් කිරීම ඇතුළු තවත් චෝදනා රැසකට මෙම පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

 



අදහස් (0)

සැකකරුවන් මාරු කළ පොලිසියේ හතරකට වැඩ වරදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site