(එමි.කේ.නන්දසේන සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කළ වියළි කංසා තොගයක් සමග එහි සිටි නිලධාරීන් වෙනුවනට වෙනත් හතර දෙනකු ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසියේ සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලුණුගම්වෙහෙර පොලිසිය වෙත බාරදි ඇත.
ගංජා සමග අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන් මුදාහැර ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් 4 දෙනෙකු සැකකරුවන් ලෙස ඉදිරිපත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම සිද්ධියට අදාළ ලුණුගම්වෙහෙර පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙෙකුගේ සේවය අත්හිටුවා ඇත.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් කැබ් රථයකින් ඉකුත් ජනවාරි මස 9 වැනි දින රාත්‍රි 10 පමණ වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ලුණුගම්වෙහෙර පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ සැකකැරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ලුණුගම්වෙහෙර පොලීසියට බාර දුන්නේය.
වනජීවී නිලධාරීන්ගේ බලවත් ඉල්ලීම මත එම නිළධාරීන් මුදාහැර ඒ වෙනුවට ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන වෙනත් පුද්ගලයන් 4 දෙනකුට ඇප ලබාගත හැකිවනසේ ගංජා කිලෝග්‍රෑම් 13ක පමණ ප්‍රමාණයක් සමග ඉදිරිපත් කිරීම ඇතුළු තවත් චෝදනා රැසකට මෙම පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd