
(ගයාන් සූරිය ආරච්චි)
සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අවුරුදු 33, 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.මෙම චීන ජාතිකයන් හෝටලයේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවේ යෙදී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාර චීන ජාතිකයන් සන්තකයේ තිබී ජංගම දුරකථන පහක්, අයිතිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපතක්, බැංකු කාඩ් පත් හතරක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු කියන්නේ හොරු...
පකිස්තාන, ඇෆ්නිඝනිස්ථාන් පුරවැසියන් ලෝකෙ කොහේ ගියත් ගුවන්තොටුපළ වලින් විශේෂයෙන්ම පරීක්ෂා කරනවා. ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ප්‍රසිද්ධ වෙලා නිසා. දැන් චීන්නුත් කොහේ හිටියක් අන්තර්ජාල සොරකම් වලට ප්‍රසිද්ධ වෙලා. දියුණු රටක් හැටියට චීනයට මේක හොඳ නෑ. ඒ රජය මේ ගැන වගකීමෙන් කටයුතු කළ යුතුයි...
මේ චීන ජත්‍යන්තර හොරුන් සිදුකර ඇති මූල්‍ය වංචාවලට වහාම දඬුවම්දී වින්දිතයින්ගේ වංචාකළ මුදල් ආපසු ලබාදීමට රජය කටයුතු කළයුතුයි.