(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ චාන්දනී දිසානායක)
වෛද්‍ය සාෆි සම්බන්ධව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ පක්ෂග්රාහී බවත් කුරුණෑගල රෝහල් අධ්යක්ෂවරයා ඇතුළු අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනීසිටින පාර්ශවවලට එල්ලවන බලපෑම් නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද (30) උදෑසන කුරුණෑගල දී උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් පැවැත්විණි.
මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය, සිවිල් සංවිධාන නියෝජිතවරු, දේශපාලනඥයෝ, රෝහල් සේවකවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ රටේ ජනතාවගේ ආරක්ෂාවට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන අතකොලුවක් වී අද වනවිට සාෆි වෙනුවෙන් පෙනීසිටින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගේ මෙම ක්‍රියා කලාපයට පොලිසියේ බහුතරයක් විරුද්ධ බව පැවසූ රතන හිමියන් රටේ පාලකයින්ට උරුමයක්, සංස්කෘතියක් නැති වුවත් මේ රටේ ජනතාව තවම අවදියෙන් සිටින බවද පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ඕන තීන්දුව උසාවි වලින් නොදුන් නිසා කෝප වෙලා. දුකයි
පක්ෂග්රාහී වග ඉතා පැහැදිලියි. මුදලට හෝ සුළු ඡන්දයට සියල්ල යට ගසමින් සිටින වග පෙනේ. වැටත් නියරත් ගොයම් කා නම්, රට තුළ කැරළි ඇතිවීම වැලක්විය නොහැක. කිමද තම සුඛ විහරණය උදෙසා සියල්ල කණපිට පෙරළන්නට කිසිවෙකුටත් අයිතියක් නැත.
සිංහල ජාතියට, රටට, ආගමට බලපෑම් එනකොට ඉතිහාසයේ ඉඳලාම පාරට බැස්සේ සංඝරත්නය... නමුත් දැන් මේ පාට, පක්ෂවලට පිල් බෙදුණු පිරිහුණු සිංහල ජාතිය සංඝරත්නයට බනිනවා... ලෝකේ ඉන්න එකම ජාතිය සිංහල.. එකම රට මේ රට.. එ්ත් මේවා තේරුම් ගන්න බැරි මේ පිරිහිණු සිංහල ජාතියට යම් දවසක් තේරුම් ගනීවි. එ්ත් එදාට පරක්කු වැඩියි .. මේ පිරිහුණු සිංහල ජාතිය එදාට සුළු ජාතිය වෙලා.
අපේ හාමුදුරුවනේ, බදියුදීන්ට ඇමතිකම දුන්න එකත් මේකටම ඈඳාගන්න. ජනතාවගේ සිත් අවධියෙන් තියන්න.
අනිවාර්යයෙන්ම මෙසේ කල යුතුයි. අහිංසක ජනතාවගේ ආරක්ෂාව, නීතිය, බල්ලට ගිහින්.. ඩොලර්, රියාල් වලට ජාතිය පාවාදෙනවා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ විතරක් නොවෙයි සියලුම පරීක්ෂණ, තමන්ට කැමති විදියේ තීරණයක් දුන්නේ නැත්නම් පක්ෂග්රාහී විදියට දකින ජාතියක් අපි.