(ගයාන් සූරිය ආරච්චි)
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් රාජු නමැත්තාගෙන් ලද තොරතුරක් මත පදිංචි නිවසේ සඟවා තිබියදී ගිනිඅවියක්, මැගසීනයක් සහ උන්ඩ 15 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතී.
එම ප්‍රශ්න කිරීම් වලට අනුව ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ගිනි අවිය මැගසීනය සහ උණ්ඩ පොලිසිය සොයාගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු වන රාජු නැමැත්තා ඉකුත් (30) වැනිදා ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙරට පොලිසිය ඉන්දියානු පොලිසිය සමඟ සිදුකළ සාකච්ඡා වලින්අනතුරුව රාජු නැමැත්තා මෙරටට ගෙන්වා ගනු ලැබීය.
මීටියාගොඩ රාජු නැමැත්තා මනුෂ්‍ය ඝාතන 40 කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd